චීන ජනපතිගේ හංගේරියානු සංචාරයත් සමඟ දෙරට සබඳතාවය ස්වර්ණමය යුගයකට
2024-05-10 16:31:21
Share with:

චීන හංගේරියා සම්බන්ධතාවය අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයේ සිට නව යුගයේ සෑමකල්හිම අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය ලෙස නංවන බව පසුගිය 8වනදා සිට 10වනදා දක්වා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හංගේරියාවේ නිල සංචාරයක නිරත වීමේදී නායක දෙපළ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළහ. අනාගත සහයෝගතාවයට නව බලය එකතු කිරීම සඳහා දෙපාර්ශ්වය 10කට වැඩි සහයෝගතා ලිපිලේඛනවලට අත්සන් තබා ඇත. චීනය හා හංගේරියාව අතර අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය, උපායමාර්ගික එකඟතාව, සම්බන්ධීකරණය හා සහයෝගතා මින් නව මට්ටමකට නංවනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති. 

  මෙම වසර චීනය හා හංගේරියාව අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය පිහිටුවීමේ 75වැනි වසරය. ගෙවී ගිය වසර 75 තුළ ද්විපාර්ශ්වීය සම්බන්ධතාවය, දෙරට අතර සමානාත්මතාව කෙරෙහි දක්වන අවධානය, අන්‍යෝන්‍ය සහාය හා පොදු ජයග්‍රහණ පිළිබඳ ඓතිහාසික සිදුවීම් රැසකින් අඛණ්ඩව තහවුරු වී තිබේ. 

නව වසංගත කාලයේදී චීනය හංගේරියාවට වසංගත පාලන භාණ්ඩ විශාල ප්‍රමාණයක් පරිත්‍යාග කර ඇත. එම භාණ්ඩ පිළිගැනීමට අගමැති Viktor Orbán මහතා ගුවන් තොටුපලට පැමිණියේය. බොහෝ ජගත් වේදිකාවන්හි දී චීනයේ කේන්ද්‍රීය ප්‍රතිලාභ සඳහා හංගේරියාව සාධාරණබවෙන් යුතුව සහාය දැක්වීය. චීනය සමග එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පිළිබඳ සහයෝගතා ලිපිලේඛනයන්ට අත්සන් කළ පළමු යුරෝපීය රට හංගේරියාවයි. චීන ආහාර, චීන සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව, චීන භාෂාව, කුන්ෆූ කලාව, මේ සියල්ලම හංගේරියානු ජනතාවගේ ඇල්ම දිනා ගෙන ඇත. ඒ අතරම හංගේරියාවේ  ගව මස් හා මිදි වයින් නිෂ්පාදිත චීන පුරවැසියන්ගේ නිවසට ප්‍රවේශ වී තිබේ. චීන හංගේරියා සම්බන්ධතාවය ඉතිහාසයේ මනාම යුගයට පිවිස තිබේ. එම සම්බන්ධතාවය නංවාලීමේ ඓතිහාසික අවස්ථාව උදා වූයේ ඒ පදනම මතය.

හංගේරියාවේ අනාගතය බොහෝ දුරට තීරණය කෙරෙන්නේ චීනය සමග සම්බන්ධතාවය මත යැයි වසර දහයකට වැඩි කාලයකට පෙරම තමා තේරුම් ගත් බව හංගේරියා අගමැති Viktor Orbán මහතා පවසා ඇත. ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ මෙවර හංගේරියානු සංචාරයෙන් අනතුරුව චීන හංගේරියා සම්බන්ධතාවය ස්වර්ණමය නාවික මාර්ගයක් මත යාත්‍රා කිරීම ආරම්භ කළ බව කිව හැකිය.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම