යළි අලුත් වූ චීන ජනපති හා හංගේරියානු අගමැති අතර පැරණි මිතුදම
2024-05-09 11:35:08
Share with:

හංගේරියාවේ වේලාවෙන් ඊයේ(08) රාත්‍රියේ, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා විශේෂ ගුවන් යානයකින් Budapest අගනුවර වෙත ළඟා වී, එරට නිල සංචාරය ආරම්භ කළේය. හංගේරියානු අග්‍රාමාත්‍ය Orbán Viktor මහතා සහ ආර්යාව ගුවන් තොටුපලේදී චීන ජනපති සහ ආර්යාව උණුසුම් ලෙස පිළිගත්හ.

ජනාධිපති ෂී ජින් පිං මහතා, අග්‍රාමාත්‍ය Orbán Viktor මහතා මීට පෙර අවස්ථා රැසක දී හමු වී ඇත. චීනය හා හංගේරියාව අතර සාම්ප්‍රදායික මිත්‍රත්වයට දීර්ඝ ඉතිහාසයක් තිබෙන බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දී තිබේ. හංගේරියාව සමඟ අන්‍යෝන්‍ය විශ්වාසය සහ ජයග්‍රාහී සහයෝගීතාවයෙන් හොඳ මිතුරන් සහ හවුල්කරුවන් ලෙස අඛණ්ඩව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටී. දෙරටේ විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්ව සබඳතාව ඉහළ මට්ටමකට ප්‍රවර්ධනය කිරීමටත්, දෙරට අතර මිත්‍රත්වය හා සහයෝගිතාවයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමටත් චීනය බලාපොරොත්තු වන බව ද ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම