චීන හා හංගේරියානු ජනාධිපතිවරු හමුවෙති
2024-05-09 19:43:34
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හං‍ගේරියානු ජනාධිපති Tamás Sulyok මහතා හමුවෙයි.එම හමුව හංගේරියාවේ බුඩාෆස්‍‍ට් අගනුවර සන්දෝර් මාළිගයේ දී අද (9) සිදුවිය.

දැකුම්කළු හංගේරියා රාජ්‍යයට පැමිණීම සහ ජනාධිපති Tamás Sulyok මහතා හමුවීමට ලැබීම සම්බන්ධයෙන් ෂී ජින්පිං මහතා එහිදී සිය සතුට පළ කළේය. Tamás Sulyok මහතාගේ සාදර ඇරයුම හා මනා සූදානම පිළිබඳ හෙතෙම එහිදී සිය ප්‍රණාමය ද පුද කළේය. චීන හංගේරියානු මිත්‍රත්වය වර්ධනය ‍වෙනුවන් හංගේරියානු ජනාධිපතිවරයා දක්වන දිගුකාලීන කැපවීම සහ ද්වීපාර්ශ්වික සබඳතා සංවර්ධනයට ඔහු දක්වන ධනාත්මක දායකත්වය චීන ජනාධිපතිවරයා අගය කළේය. හංගේරියානු ජනාධිපතිවරයා සමග මනා කාර්ය  සබඳතාවක් සහ මිත්‍රත්වයක් ඇති කර ගැනීමටත්, අන්‍යෝන්‍ය අවශ්‍යතා පිළිබඳ කරුණු හුවමාරු කර ගැනීම සහ සන්නිවේදනය වැඩි කිරීමටත් සූදානම් බවද චීන ජනාධිපතිවරයා එම හමුවේදී සඳහන් කළේය.හංගේරියාව නව චීනය පිළිගත් පළමු රටවලින් එකකි. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ සිට, චීනය සහ හංගේරියාව සැමවිටම එකිනෙකාට ගරු කරමින්, එකිනෙකාට සමානව සලකමින්, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සොයා ගොස් ඇත.

වෙනස්වන ජාත්‍යන්තර තත්ත්වයන් යටතේ ද්වීපාර්ශ්වික සබඳතාවන් පරීක්ෂාවට ලක්ව ඇති අතර මිත්‍රශීලී සබඳතා  සහයෝගී හවුල්කාරිත්වයක් දක්වා වර්ධනය වී ඇතැයිද චීන ජනාධිපතිවරයා සඳහන් කළේය.චීන හංගේරියානු සබඳතා ඉතිහාසයේ හොඳම මට්ටමේ වර්තමානයේදී පවතින බවද චීන ‍ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. මෙම වසර දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන් පිහිටුවීමේ 75 වෙනි සාංවත්සරික වසරයි.හංගේරියානු ජනාධිපතිවරයා සමග එක්ව  සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙනයමින් දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය පුළුල් කිරීමට තමා සූදානම් බවද ෂී ජින්පිං මහතා සදහන් කළේය.

චීනය සමග සැමවිටම සමීප ව කටයුතු කිරීමට හංගේරියාව කැමති බවත්, චීනය සමග සහයෝගිතා පැවැත්වීම හංගේරියාවේ නොවෙනස් ප්‍රතිපත්තියක් බවත්, Tamás Sulyok ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ය. හෙතෙම චීන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඉහළින් අගය කළේ ය. එම වැඩපිළිවෙළ තුළින් හංගේරියාවට විශාල යහපතක් ලැබී ඇත. එමෙන් ම චීන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ‍ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම සහ ‍‍ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම Tamás Sulyok මහතාගේ ඇගයීමට  ලක් විය. එම මුලපිරුම් වත්මන් ලෝකය මුහුණ දී සිටින විවිධ අභියෝග හා ගැටළුවලට මනා මඟපෙන්වීමක් බව හෙතෙම පවසයි. චීන ජනාධිපතිවරයාගේ මෙවර හංගේරියානු සංචාරය දෙර‍ටේ පූර්ණ උපාය මාර්ගික හවුල්කාරී සම්බන්ධතා වඩාත් ඉහළ තලයකට ගෙන යනු ඇති බවට හංගේරියානු ජනාධිපතිවරයා සිය විශ්වාසය පළ කළේ ය.

 

 

 

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම