ගෝලීය කෘත්‍රිම බුද්ධි පාලනය ඒකාබද්ධව ප්‍රවර්ධනය කරන ලෙස චීනයෙන් ඉල්ලීමක්
2024-05-09 15:18:49
Share with:

ගෝලීය කෘත්‍රිම බුද්ධි පාලනය ඒකාබද්ධව ප්‍රවර්ධනය කරන්නැයි චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටී.

පසුගිය 7 වැනිදා පැවති, ‘කෘත්‍රිම බුද්ධියෙන් තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම’ පිළිබඳ එක්සත් ජාතීන්ගේ රැස්වීමක දී චීනයේ උප නිත්‍ය නියෝජිත Dai Bing මහතා මේ බව කියා සිටියේය. කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ ආරක්ෂාව, විශ්වසනීයත්වය, පාලන හැකියාව සහ සාධාරණත්වය අඛණ්ඩව වැඩිදියුණු කළ යුතු අතර ම, එහි ක්‍රියාකාරීත්වය සෑම විටම මිනිස් පාලනය යටතේ පැවතීම සහතික කළ යුතු බව ඔහු එහිදී අවධාරණය කළේය.

කෘත්‍රිම බුද්ධියේ ගෝලීය පාලනයට සහභාගි වීමේ දී විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට සමානාත්මතාව සහතික කිරීම ද අවශ්‍ය බව Dai Bing මහතා පෙන්වා දුන්නේය. කෘත්‍රිම බුද්ධියේ ගෝලීය පාලනය තුළ සංවර්ධනය වෙමින් පවතින රටවල නියෝජනය සහ හඬ වැඩි දියුණු කළ යුතු බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම