ජනාධිපතිවරයා ගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්
2024-05-09 16:53:46
Share with:

මෙම වසරේ ආර්ථික වර්ධනය සියයට 3%ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

අද (09) උදෑසන පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා එහිදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව කියා සිටියේය.ආර්ථික වර්ධනය පිළිබඳව විවිධ දේශීය සහ විදේශීය ,මුල්‍ය ආයතන ද ඒ හා සමාන පුරෝකථන ඉදිරිපත්කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. 

වසරේ පළමු මාස තුන වන විට විනිමය අනුපාතය ඇමරිකානු ඩොලරය රු. 300 වඩා අඩු මට්ටමකට ගෙන ඒමට හැකිවී තිබෙන අතර විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 5 ඉක්මවන අගයකට ඉහළ නැංවී ඇති බව ද පෙන්වාදුන් ජනාධිපතිවරයා මේ තත්ත්වය ළඟාකර ගැනීමට හැකිවූයේ අභියෝගාත්මක, දුෂ්කර එහෙත් නිවැරදි මගක ගමන් කළ නිසා බව සඳහන් කළේය. 

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල මුලික අංශ තුනක් හරහා සිදුකළ බව ද  ජනාධිපතිවරයා සඳහන් කළේය. ණය ප්‍රතිව්‍යුහගතකරණයේ අවසන් අරමුණ වන්නේ, 2032  වන විට සමස්ත ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයෙන් 95%ක් දක්වා අඩු කරගැනීම බව ද පැවසීය.

 

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම