චීන ජනපතිගේ ලිඛිත ප්‍රකාශය හංගේරියාවේ බුඩාපෙස්ට් ගුවන් තොටුපළේදී
2024-05-09 04:31:45
Share with:

චීන ජනපතිගේ ලිඛිත ප්‍රකාශය 

හංගේරියාවේ බුඩාපෙස්ට් ගුවන් තොටුපළේදී


(2024 මැයි 8)

 චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති     ෂී ජින් පිං


ජනාධිපති Tamás Sulyok මහතා සහ අගමැති Viktor Orbán මහතාගේ ආරාධනයෙන් සුන්දර හංගේරියාවේ නිල සංචාරයකට එක් වීමට ලැබීම පිළිබඳව මම සතුටු වෙමි. චීන රජය සහ ජනතාව වෙනුවෙන්, හංගේරියානු රජයට සහ ජනතාවට හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි.

හංගේරියාව එහි කාලානුරූපී ඉතිහාසය සහ ගැඹුරු සංස්කෘතික උරුමයන් සඳහා ප්‍රසිද්ධය. හංගේරියානු ජනතාව කඩිසර සහ බුද්ධිමත්, විවෘත සහ ඇතුළත්, පුරෝගාමී සහ නිර්මාණශීලී පුද්ගලයෝ වෙති. මෑත වසරවලදී, හංගේරියාවේ රජය සහ ජනතාව අධිෂ්ඨානශීලීව ඉදිරියට යමින් ආර්ථික හා සමාජීය සංවර්ධනයේ ආකර්ෂණීය ප්‍රගතියක් ලබා ඇත. සුහද මිතුරෙකු සහ පුළුල් උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස, චීන රජය සහ ජනතාව යන දෙඅංශයෙන්ම, ඔබගේ ජයග්‍රහණ පිළිබඳව හදවතින්ම ප්‍රීති වන්නෙමු.

චීනය සහ හංගේරියාව හොඳ මිතුරන් වන අතර අන්‍යෝන්‍ය විශ්වාසයේ හොඳ හවුල්කරුවන් වේ. 1949 දී හංගේරියාව චීන මහජන සමූහාණ්ඩුව සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කළ පළමු රටවලින් එකකි. 2004 දී අපි මිත්‍රශීලී සහ හවුල්කාරිත්ව සබඳතාව ඇති කිරීමට තීරණය කළ අතර 2017 දී, ද්විපාර්ශ්වික සබඳතාව අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය දක්වා උසස් කරන ලදී.

මෑත වසරවලදී, අපගේ දෙපාර්ශ්වය නිරන්තර ඉහළ මට්ටමේ හුවමාරු, ගැඹුරු අන්‍යෝන්‍ය විශ්වාසය, “එක් තීරයක් එක් මාවතක්” සහයෝගීතාවයේ ඵලදායි ප්‍රතිඵල, මානව සහ සංස්කෘතික හුවමාරුව මෙන්ම ජාත්‍යන්තර හා කලාපීය කටයුතුවල සමීප සම්බන්ධීකරණය සහ සහයෝගීතාව දැක ඇත. අපි එක්ව, අන්‍යෝන්‍ය ගෞරවය, සාධාරණත්වය, යුක්තිය සහ ජයග්‍රාහී සහයෝගීතාවය ඇතුළත් නව ආකාරයේ ජාත්‍යන්තර සබඳතා ගොඩනඟා ගැනීමට කදිම ආදර්ශයක් සපයා ඇත.

ද්විපාර්ශ්වික සබඳතා වර්ධනයට වැදගත් අවස්ථාවක් ගෙන දෙමින් මෙම වසරේ අපගේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 75 ක් සපිරේ. මම ජනාධිපති Tamás Sulyok මහතා, අගමැති Viktor Orbán මහතා සහ අනෙකුත් හංගේරියානු නායකයන් හමුවීමට බලාපොරොත්තු වෙමි. අපි එක්ව, චීන-හංගේරියානු සබඳතාව විශාල ප්‍රගතියකින් ඉදිරියට ගෙන යාම සහ එය ඉහළ මට්ටමකට ඔසවා තැබීමේ අරමුණින් සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක් ඒකාබද්ධව ගෙනහැර දැක්වීමට කටයුතු කරමු. ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වුවද, චීනය සහ හංගේරියාව සෑම විටම ද්විපාර්ශ්වික සබඳතාව කෙරෙහි පුළුල් දෘෂ්ටිකෝණයකින් මෙන්ම දිගුකාලීන දැක්මකින් අවධානය යොමු කරන අතර ඊට ප්‍රවේශ වනු ඇතැයි මම විශ්වාස කරමි. ප්‍රබල සහ අධිෂ්ඨානශීලී ප්‍රයත්නයන් තුළින්, මානව වර්ගයා සඳහා හවුල් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමේ ඉලක්කය කරා අපි එකට වැඩ කරන්නෙමු. එමෙන්ම ලෝක සාමය, ස්ථාවරත්වය, සංවර්ධනය සහ සමෘද්ධිය සඳහා අපගේ නිසි දායකත්වය ලබා දෙන්නෙමු. දෙපාර්ශවයේ සාමූහික ප්‍රයත්නයන් සමඟින්, මෙම සංචාරය සම්පුර්ණයෙන්ම සාර්ථක වනු ඇති බවත්, චීන-හංගේරියානු සබඳතාවයේ ඊටත් වඩා දීප්තිමත් අනාගතයක් උදාකර දෙන බවත් මට විශ්වාසයි.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම