චීන සර්බියා මිතුදම සැබෑ මිත්‍රත්වයේ පිළිබිඹුවකි
2024-05-09 16:44:42
Share with:

දෙරට අතර ‘යකඩ සේ’ ශක්තිමත් මිත්‍රත්වයක් ඇත්නම්, එය තවදුරටත් නංවන්නේ කෙසේ ද? පසුගිය 7වනදා සිට 8වනදා දක්වා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සර්බියාවේ සිදු කළ නිල සංචරය මගින් එම ප්‍රශ්නයට මනා පිළිතුරක් සපයා ඇත.

වසර අටකට පෙර ෂී ජින්පිං ජනාධිපතිවරයා සර්බියාවේ නිල සංචාරයකට එක්වූ අවස්ථාවේදී නායක දෙපළ විසින් දෙරටේ සම්බන්ධතාව අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයක් දක්වා නංවා තිබිණ. එම හවුල්කාරිත්වය තවදුරටත් ගැඹුරු කර නව යුගයේ පොදු ඉරණමක් සහිත චීන සර්බියා ප්‍රජාවක් ගොඩනගන බව මෙවර ෂී ජින්පිං මහතාගේ සංචාරය තුළදී, දෙරටේ ජනාධිපතිවරු ප්‍රකාශ කළහ. එසේ ප්‍රකාශ කළ පළමු යුරෝපීය රට බවට සර්බියාව පත්ව තිබේ.

නව යුගයේ පොදු ඉරණමක් සහිත චීන සර්බියා ප්‍රජාව ගොඩනැගෙන්නේ, ඉතිහාසය සමග අඛණ්ඩව තහවුරු වූ චීන සර්බියා මිත්‍රත්වය තුළිනි. චීනයේ වෙන්චුවාන් කෝරළයේ ප්‍රබල භූකම්පාව සිදු වීමෙන් අනතුරුව සර්බියාව කඩිනමින් විපත් ආපදා භාණ්ඩ විශාල ප්‍රමාණයක් චීනයට සැපයීමට ක්‍රියා කළේය. නව වසංගත කාලයේදී චීනය විසින් සර්බියාවට  යැවූ වසංගත පාලන විශේෂඥ කණ්ඩායම පිළි ගත් ජනාධිපති Aleksandar Vučić මහතා චීන ජාතික ධජය සිපගත්  ආකාරය හැඟුම්බර අවස්ථාවක් විය. Smederevo වානේ කම්හල, ඍණාත්මක ක්‍රියාකාරීත්වයේ සිට සර්බියාවේ ආර්ථික රුකුලක් බවට යළි පත්වීමේ හාස්කම නිර්මාණය වූයේ චීනයේ සහයෝගය හේතුවෙනි. චීනය විසින් ඉදිකිරීම් භාර ගත්, හංගේරි-සර්බියා දුම්රිය මාර්ගයට අයත් Belgrade-Novi Sad කොටස භාවිතයට ලක්වීම, එහි ජනතාවගේ ගමනාගමනය බොහෝදුරට පහසු කර තිබේ. චීනය හා සර්බියාව අතර යකඩ සේ ශක්තිමත් කල්‍යාණ මිත්‍රත්වය බිහිවී ඇත්තේ  එබඳු එක් එක් සිදුවීම් තුළිනි. 

වර්තමානයේ චීන මාදිලියේ නවීකරණ සංවර්ධනය මුළුමනින් ඉදිරියට  යමින් පවතී. ‘සර්බියා 2027-අනාගත පිම්ම’ ඇතුළු ජාතික සංවර්ධන ක්‍රියා සැලැස්ම ද ක්‍රියාත්මක කෙරෙමින් පවතී. නව යුගයේ පොදු ඉරණමක් සහිත චීන සර්බියානු ප්‍රජාව ගොඩනගන බව දෙරට විසින් ප්‍රකාශයට පත් කළේ පූර්ණ පහසුකම් මත හා සුදුසු ඓතිහාසික අවස්ථාවක බව කිව හැකිය. දෙපාර්ශ්වයේ වටිනාකම පිළිබඳ පොදු සංකල්පය හා රට සංවර්ධනය කිරීමේ සමාන අභිලාෂය ඉන් පිළිබිඹු වී තිබේ.

‘අසීරු අවස්ථාවල අන්‍යෝන්‍ය සහායන් තුළින් මිත්‍රත්වය ඇති කෙරේ.’ යනුවෙන් චීනයේ කියමනක් ඇත. එසේම ‘මිත්‍රත්වය, කාලයේ ප්‍රතිඵලය’ යන සර්බියානු ප්‍රස්ථා පිරුළක් ද තිබේ. ජාත්‍යන්තර තත්ත්වයන් කෙසේ වෙනස් වුවද චීන සර්බියා මිත්‍රත්වය තවදුරටත් කාලය මගින් ශක්තිමත් වනු  ඇත.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම