චීන ජනපති සහ ආර්යාව වෙනුවෙන් සර්බියාවේ දී සමුගැනීමේ උත්සවයක්
2024-05-09 01:07:36
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ආර්යා පෙන්ග් ලියුඅන් මහත්මිය වෙනුවෙන් සමුගැනීමේ භෝජන සංග්‍රහයක් සර්බියානු ජනාධිපති සහ ඔහුගේ ආර්යාව විසින් සවිධානය කර ඇත. එය සර්බියාවේ පිහිටි සාම විලා හිදී පැවැත්විණ.

බෙල්ග්‍රේඩ් ඉතිහාසය සහ සංවර්ධනය ෂී ජින් පිං මහතාට හඳුන්වා දුන් අතර, සර්බියාවේ යටිතල පහසුකම් සහ නාගරික සංවර්ධනය සඳහා චීන ව්‍යවසායන් සහ සේවකයින් සිදු කළ දායතක්වය වෙනුවෙන් එම අවස්ථාවේදී ජනාධිපති Aleksandar Vucic මහතා සිය ස්තූතිය පළ කළේය. විශිෂ්ට රටක් වන චීනය වේගයෙන් වර්ධනය වී ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය. ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රඥාව, දුරදර්ශී දැක්ම සහ දැවැන්ත නායකත්වය ඊට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇතැයි ද Vucic මහතා සඳහන් කර ඇත. තම සංවර්ධනය උදෙසා පමණක් නොව, සර්බියාව ඇතුළු රටවල් හා එක්ව පොදු ප්‍රවර්ධනයක් සඳහාත් චීනය උපකාර කරන බව හෙතෙම අවධාරණය කළේය. දෙරට සංවර්ධන සිහින ඉටු කර ගැනීම සඳහා චීනය සමඟ සහයෝගීතාව අඛණ්ඩව ශක්තිමත් කිරීමට සර්බියාව කැමැත්තෙන් සිටී.

ප්‍රබල චීනය කිසිසේත්ම ලෝකයට තර්ජනයක් නොවන අතර පොදු සංවර්ධනයක් වෙනුවෙන් සර්බියාව ඇතුළු ඒ ඒ රටවල් සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමට චීනය කැමැත්තෙන් පසු වන බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

ඉන් පසුව, සර්බියානු ජනාධිපති සහ ආර්යාව ෂී ජින් පිං ජනාධිපතිවරයා සහ පෙන්ග් ලියුඅන් ආර්‍යාව සමඟ ගුවන් තොටුපළ වෙත පිටත්ව ගියහ. සර්බියානු කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා, විදේශ ඇමතිවරයා ඇතුළු නිලධාරිහු ඊට එක් වූහ. ගුවන් තොටුපළට යන අතරමගදී, එරට ජනතාව සහ එහි වෙසෙන චීන ජාතිකයෝ, චීන සහ සර්බියා ජාතික ධජ ලෙළවා, චීන ජනපති සහ ආර්යාව වෙත ඔවුන්ගේ සර්බියානු සංචාරය සාර්ථකව නිමාවට පත්වීම සඳහා උණුසුම් සුබපැතුම් පිරිනැමූහ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම