චීන ජනපති ආර්යාව හංගේරියා ජනපති ආර්යාවගේ ඇරයුමින් Budavári palota මාලිගය නරඹයි
2024-05-09 20:29:21
Share with:

හංගේරියා ජනපති ආර්යාවගේ ආරාධනයෙන් චීන ජනාධිපති ආර්යා පෙං ලියුවාන් මහත්මිය අද(9) පෙරවරුවේ එරට Budavári palota මාලිගය නරඹමින් තේ පිළිසඳරකට එක්වූවාය.

හංගේරියානු Herend පෝසිලේන් සහ සාම්ප්‍රදායික එම්බ්‍රොයිඩර් ශිල්පීය ක්‍රම නැරඹීමෙන් පසු, පෙං ලියුවාන් මහත්මිය පෙන්වා දුන්නේ, පෝසිලේන් සහ එම්බ්‍රොයිඩර් යනු චීන සහ හංගේරියා සංස්කෘතීන්හී පොදු සංකේත වන බවයි. දෙරටේ කලාකරුවන් හුවමාරු කිරීම සහ අන්‍යෝන්‍ය ඉගෙනීම ශක්තිමත් කර ශිෂ්ටාචාර හුවමාරු ප්‍රවර්ධනය කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව ඇය පැවසුවා ය.

මාලිගාවේ කොටසක ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබද දැනගත් පෙං ලියුවාන් මහත්මිය හංගේරියානු විශේෂඥයින්ගේ විශිෂ්ට ප්රතිෂ්ඨාපන කුසලතා අගය කළා ය. සංස්කෘතික පුරාවස්තු ආරක්ෂා කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දෙපාර්ශ්වය සහයෝගීතාවන් ශක්තිමත් කරනු ඇතැයි අපේක්ෂා කරන බව ඇය පැවසුවා ය.

ඉන් අනතුරුව, ආර්යාවන් දෙපළ සුහද තේ පිළිසඳරකට එක්වූහ. පෙං ලියුවාන් මහත්මිය පෙන්වා දුන්නේ, චීනයේ සහ හංගේරියාවේ සංස්කෘතීන් අතර බොහෝ සමානකම් පවතින අතර, දෙරට අතර මිත්‍රත්වයට ශක්තිමත් පදනමක් ඇති බවයි. දෙරට අතර මිත්‍රත්වය පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන අතර, කාලයත් සමඟ එය වඩාත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කරන බව, ඇය සඳහන් කළා ය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම