චීනය නව චන්ද්‍රිකාවක් දියත් කරයි
2024-05-09 14:59:08
Share with:

චීනය අද(09) Long March-3B ප්‍රවාහක රොකට්ටුව ආධාරයෙන් නව චන්ද්‍රිකාවක් දියත් කළේය.
එම රොකට්ටුව බෙයිජිං වෙලාවෙන් අද(09) පෙරවරු 9:43 ට නිරිතදිග චීනයේ සිචුවාන් පළාතේ ෂිචැං චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් නිකුත් කෙරිණ. Smart SkyNet-1 01 නමැති මෙම චන්ද්‍රිකාව සැලසුම් කළ කක්ෂයට සාර්ථකව යොමු කර ඇත.
මෙය Long March ප්‍රවාහක රොකට්ටු මාලාවේ 521 වන මෙහෙයුමයි.