සුහුරු දේශගුණ වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය සදහා ඉදිරි වසරට තවත් ඩොලර් මිලියන 25ක්
2024-05-09 17:10:28
Share with:

සුහුරු දේශගුණ වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය සදහා ඉදිරි වසරට තවත් ඩොලර් මිලියන 25ක් රජයේ මුදලින් ලබා දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.දුෂ්කර දිස්ත්‍රික්ක රැසක ක්‍රියාත්මක කර තිබෙන කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘති තවදුරටත් පවත්වා‌ගෙන යාමට පියවර ගත යුතු යැයි කෘෂිකර්ම අමාත්‍යවරයා කළ ඉල්ලීමක් අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම  මුදල ලබා ගැනීම සඳහා අනුමැතිය දුන් බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.අදාල දිස්ත්‍රික්ක වල වැව් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මෙන්ම නව කෘෂි තාක්ෂණික උපකරණ ලබා දීම සඳහා ඉන් වැඩි අවධානය යොමු  කෙරේ.

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම