චීන - හංගේරියානු මානව හා සංස්කෘතික හුවමාරු පුළුල් කිරීමට චීන මාධ්‍ය සමූහය කැපවෙයි
2024-05-09 08:20:38
Share with:

චීනය සහ හංගේරියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් මානව හා සංස්කෘතික හුවමාරු ක්‍රියාකාරකමක් පැවැත්වෙයි. චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ හංගේරියානු නිල සංචාරයට සමගාමී ව මෙම ක්‍රියාකාරකම ඊයේ (8) බුඩාපෙස්ට් අගනුවර දී පැවැත්විණ. චීන මාධ්‍ය සමූහය සහ හංගේරියානු මාධ්‍ය සහාය හා වත්කම් කළමනාකරණය පිළිබඳ අරමුදල එක්ව මෙම ක්‍රියාකාරකම සංවිධාන කළේය. එහිදී “Opportunity China”නැමති වැඩසටහන හංගේරියාවේ විකාශය කිරීම සහ වාර්තා චිත්‍රපට සමනිෂ්පාදනය ඇතුළු ව්‍යාපෘති රැසක සමාරම්භය සිදුකෙරිණ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තු උපප්‍රධානි, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා, හංගේරියානු මාධ්‍ය සහාය හා වත්කම් කළමනාකරණය පිළිබඳ අරමුදලේ සභාපති Dániel Papp මහතා සහ හංගේරියාවේ රාජ්‍යතාන්ත්‍රික සහ විදේශ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් Boglárka Illés මහතා එහිදී දේශන පැවැත්වූහ.

චීන මාධ්‍ය සමූහය, හංගේරියානු මාධ්‍ය සහාය හා වත්කම් කළමනාකරණය පිළිබඳ අරමුදල සහ එරට මාධ්‍ය සගයන් සමඟ පුළුල් සහයෝගිතාවයක් අරඹා ඇති අතර, දෙරට අතර මානව හා සංස්කෘතික හුවමාරු සඳහා පුළුල් වේදිකාවක් නිර්මාණය කර ඇතැයි ද  Shen Haixiong මහතා එහිදී පැවසීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම