අගමැතිවරයා සිය චීන නිල සංචාරයේදී එළඹි අවබෝධතා ගිවිසුම් පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තුවට දැනුම් දෙයි
2024-05-09 17:00:29
Share with:

ශ්‍රී ලංකා අගමැතිවරයා ලෙස, පසුගිය මාර්තු මා‍සයේ සිදු කෙරුණු  සිය චීන නිල සංචාරයේදී අවබෝධතා ගිවිසුම් නවයකට  අත්සන් කළ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරළ මන්ත්‍රීවරයා ඊයේ (08) මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී මේ බව පැවසීය.

ඒ අනුව එක් ගිවිසුමක් යටතේ, චීනය විසින් යුවාන් මිලියන 35.7ක වටිනාකමින් යුත් සහල් ටොන් 1630ක් ද, ධීවර දැල් 75,000ක් ද, පෙර සකසන ලද නිවාස 500ක්ද මෙරට ධීවර ජනතාවට ඉදිරි මාස දෙක තුළ හිමිවීමට නියමිතව තිබේ.

එම සංචාරයේ දී චීන ජනාධිපති ෂී ජින්පින් ජනාධිපතිතුමා හමුවීම ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් හා ශක්තියක් බවද හෙතෙම පැවසීය. එමෙන්ම චීන අගමැති Li Qiang  මහතා හමුවීමට ලැබීම ද ඉහළින් අගය කරමින් අදහස් දැක්වූ දිනේෂ් ගුණවර්ධන මහතා එම සංචාරයේදී එළඹි එකඟතාවන් පාර්ලිමේන්තුව‍ට විස්තර කළේය.

 

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම