
‘i shenzhen’ නම් ජංගම දුරකථන යෙදවුමේ භාෂා ගණන තවදුරටත් වැඩි කෙරේ.
Shenzhen නගරයේ දේශපාලන පරිපාලන කටයුතු හා පොදු සේවා පහසු කිරීම සඳහා එළිදැක්වුණු එම යෙදවුමට ඉංග්‍රීසි, ප්‍රංශ, ජපාන, සහ කොරියානු භාෂා සේවා අන්තර්ගත ව තිබිණ. මීට අමතරව අරාබි, ස්පාඤ්ඤ, රුසියානු, ජර්මන් සහ පෘතුගීසි යන භාෂා පහේ සේවා මීට අලුතින් ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
මේ වන විට Shenzhen නගරයේ විදේශ ආයෝජන සහිත ව්‍යාපාර හා විදේශිකයින් වෙනුවෙන්, අන්තර්ජාලය හා ජංගම දුරකථන යෙදවුම් යන ක්‍රම දෙක මගින් ආයෝජනය, රැකියා නියුක්තිය, වාසස්ථාන හා දෛනික ජීවිතය සහ සංචාරය කිරීම සඳහා බහුභාෂා සේවා ලබා දී තිබේ. එම නගරයේ සිටින විදේශිකයන් වැඩියෙන් භාවිත කරන සේවා මාර්ගගතව ඇණවුම් කිරීම හා හැසිරවීම, වැඩියෙන් විමසන තොරතුරු මාර්ගගතව ලබාගැනීම ඉන් වඩාත් පහසු කර ඇත.

