චීන ජනපති හංගේරියාව වෙත පැමිණ එරට නිල සංචාරයක් අරඹයි
2024-05-09 02:55:13
Share with:

හංගේරියා ජනාධිපති Sulyok Tamas මහතා සහ අග්‍රාමාත්‍ය Orbán Viktor මහතාගේ ආරාධනයකට අනුව, හංගේරියානු වේලාවෙන් 8 වැනිදා, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා විශේෂ ගුවන් යානයකින්, Budapest අගනුවර වෙත ළඟා වී, එරට නිල සංචාරය ආරම්භ කළේය.

ෂී ජින් පිං මහතාගේ විශේෂ ගුවන් යානය හංගේරියානු ගුවන් සීමාවට ඇතුළු වූ පසු, එය ආරක්ෂා කිරීමට හංගේරියානු ප්‍රහාරක ගුවන් යානා දෙකක් පිටත් විය.

හංගේරියානු අග්‍රාමාත්‍ය යුවල හා විදේශ ඇමතිවරයා ඇතුළු රජයේ උසස් පෙළේ නිලධාරීහු, ගුවන් තොටුපලේදී චීන ජනපති සහ ආර්යාව උණුසුම් ලෙස පිළිගත්හ.

සිය රටට පැමිණි චීන ජනාධිපතිවරයා සහ ආර්යාව සාදරයෙන් පිළිගන්නා බවත්,  මෙම පැමිණීම ඔවුන්ට ඉමහත් ගෞරවයක් බවත් එහිදී හංගේරියානු  අග්‍රාමාත්‍යවරයා  ෂී ජින්පිං ජනාධිපතිවරයා සහ ආර්යාව වෙත පවසා ඇත.

හංගේරියානු ජාතික ඇඳුමින් සැරසුණු දරුවන් දෙදෙනෙක්, ෂී ජින් පිං මහතා සහ ආර්යාව වෙත, පාන් සහ ලුණු ප්‍රදානය කර, සම්ප්‍රදායික ආචාර විධිවලින් සම්භාවනීය අමුත්තන් පිළිගත්හ.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම