චීනයේ ආර්ථික සංවර්ධනයට බාධා නොකොට, දෙරට සබඳතා නැංවීමට ඇමරිකාව කැපවී ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කරන බව චීනය පවසයි
2024-05-09 16:14:08
Share with:

චීනයේ ආර්ථික සංවර්ධනයට බාධා නොකොට, දෙරට සබඳතා නැංවීමට ඇමරිකාව කැපවී ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කරන බව චීනය පවසයි.

චීනය සහ ඇමරිකාව අතර සංවාදය ශක්තිමත් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය සභාපති Gita Gopinath කළ ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා අද (9) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය.

ජාතික ආරක්ෂාව පිළිබඳ සංකල්පය අයුතු ලෙස යොදා ගැනීම සහ වෙනත් රටවල් සමඟ ඇති ආර්ථික සබඳතා කෘත්‍රිමව දුර්වල කිරීම මගින් කිසිදු ප්‍රයෝජනයක් අත්නොවන බව Lin Jian මහතා පෙන්වා දුන්නේය. මෙය ගෝලීය නිෂ්පාදන හා සැපයුම් දාමයේ ස්ථායීතාවය දැඩි ව අඩාල කරනු ඇත. ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ පටිපාටිය කඩාකප්පල් කිරීමෙන් අවසානයේ සිදුවන්නේ තමාගේම අවශ්‍යතා බිඳවැටීම යි. චීනයේ ආර්ථික සංවර්ධනයට බාධා නොකරමින්, විවිධ ක්ෂේත්‍රවල චීන-ඇමරිකා සබඳතා වර්ධනය කිරීම සඳහා යහපත් පරිසරයක් නිසි අයුරින් නිර්මාණය කිරීමට ඇමරිකාව කැපවී ක්‍රියාකරනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම