“ෂී ජින්පිං මහතා ප්‍රිය කරන සම්භාව්‍ය උද්ධෘත”වැඩසටහන හංගේරියාවේ විකාශය කෙරේ
2024-05-09 08:34:42
Share with:

“ෂී ජින්පිං මහතා ප්‍රිය කරන සම්භාව්‍ය උද්ධෘත” නමැති වැඩසටහනේ ජාත්‍යන්තර අනුවාදයේ විකාශය ආරම්භ වීමේ උළෙල Budapest අගනුවර දී පැවැත්වේ. චීන මාධ්‍ය සමූහය මගින් නිෂ්පාදිත එම වැඩසටහනේ විකාශය ඊයේ (8) ආරම්භ වූයේ චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ හංගේරියානු නිල සංචාරයට සමගාමීව යි. එරට හිටපු ජනාධිපති Pál Schmitt සහ හිටපු අගමැති Péter Medgyessy යන මහත්වරුන් ඒ සඳහා සුබ පැතුම් එක් කර ඇත.

මෙම වැඩසටහන, ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ රට පාලනය කිරීමේ දැක්ම, සාම්ප්‍රදායික චීන සංස්කෘතිය හා චීන ජාතිකයන්ගේ නවීන ශිෂ්ටාචාරය දැනගැනීම සඳහා හංගේරියානු මිතුරන්ට විවර වන කවුළුවක් වන බව චීන‍ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තු උපප්‍රධානි, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා විකාශ සමාරම්භක උළෙලේ දී කියාසිටියේය. හංගේරියානු මිතුරන් සමග එක්ව දෙරට සමස්ත ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය, සංස්කෘතික හුවමාරු හා අන්‍යෝන්‍ය ශිෂ්ටාචාර අධ්‍යයන වැඩිදියුණු කරමින් මිත්‍රශීලි සහයෝගතා පුළුල් කර පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම සඳහා ඉහළ දායකත්වයක් ලබා දීම තම ආයතනයේ අපේක්ෂාව බව ද ඔහු පැවසීය.



ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම