චීන - සර්බියානු සබඳතාවල නව පරිච්ඡේදයක ඇරඹුම සටහන් වී ඇතැයි චීන ජනපති කියයි
2024-05-08 05:10:27
Share with:

සර්බියාවට පැමිණි චීන ජනාධිපති ෂී ජින්පිං මහතා තම නිල සංචාරය පිළිබඳ  ලිඛිත ව අදහස් දක්වයි. බෙල්ග්‍රේඩ් නුවර නිකොලා ටෙස්ලා ගුවන් තොටුපොළේ දී එය ඊයේ (7) ඉදිරිපත් කර ඇත.

ජනාධිපති Aleksandar Vučić මහතාගේ ඇරයුමක් අනුව සර්බියා ජනරජයේ නිල සංචාරයක නිරත වීම තමාට මහත් සතුටක් බව චීන ජනාධිපතිවරයා කියාසිටී.

චීනය සහ සර්බියාව අතර ගැඹුරු, සාම්ප්‍රදායික මිත්‍රත්වයක් පවතී. 2016 වසරේ විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය ස්ථාපිත කිරීමෙන් පසු ද්විපාර්ශ්වික සබඳතාව මනා වර්ධනයක් සාක්ෂාත් කර ඇතැයි ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි. දෙරට දැඩි දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසයකින් බැඳී සිටින අතර, එක් තීරයක් එක් මාවතක් සහයෝගීතාවයේ ඵලදායී ප්‍රතිඵල අත්විඳිමින් සිටී.

චීනය සහ සර්බියාව ප්‍රධාන අවශ්‍යතා පිළිබඳ ගැටළු සම්බන්ධයෙන් එකිනෙකාට ස්ථිර සහයෝගය ලබා දී ඇතැයි ද ෂී ජින් පිං මහතා පවසයි.  ලෝක සාමය සහ සංවර්ධනය වෙනුවෙන් ද දෙරට නිසි වගකීම් ඉටු කර ඇත.

නව ඓතිහාසික ආරම්භක ලක්ෂ්‍යයක සිට, චීන-සර්බියානු සහයෝගිතාවයේ නව දැක්මක් සමගින් ඉදිරියට ගමන් කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා කියාසිටී. ද්විපාර්ශ්වික සබඳතාවන් හි ප්‍රශස්ත පැවැත්ම වෙනුවෙන් නව සැලැස්මක් සකස් කිරීම පිළිබඳව Aleksandar Vučić ජනාධිපතිවරයා සමග පුළුල් ලෙස අදහස් හුවමාරු කර ගැනීමට අපේක්ෂා කරන බවද හෙතෙම පැවසීය. තමාගේ මෙම සංචාරය චීන - සර්බියානු සබඳතාවල නව පරිච්ඡේදයක් විවෘත කරනු ඇති බවට ද චීන ජනාධිපතිවරයා විශ්වාසය පළ කරයි.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම