නව යුගයේ පොදු ඉරණමක් සහිත චීන සර්බියා හවුල ගොඩනැගීම ප්‍රවර්ධනය කෙරේ
2024-05-08 19:40:34
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා සර්බියානු ජනාධිපති Aleksandar Vucic මහතා අද(8) පෙරවරුවේ Belgrade අගනුවරදී හමුවූහ.

Aleksandar Vucic මහතා හා සර්බියා රජයේ උණුසුම් පිළිගැනීම හා සූදානම සම්බන්ධයෙන් වසර 8කට පසු යළි සර්බියාවට පැමිණි ෂී ජින් පිං මහතා එහිදී ස්තුතිය පළ කළේය. ජාත්‍යන්තර තත්ත්වය වෙනස් වුවද චීනය හා සර්බියාව අතර මිතුදම ස්ථීර තත්ත්වයක පවතී. එම මිතුදමට ගැඹුරු ඓතිහාසික දැනුම හා දැඩි දේශපාලන පදනමක් ඇතැයි ෂී ජින් පිං මහතා කීය. මෙම සංචාරයේ දී “ චීන-සර්බියා පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සබඳතාව ගැඹුරු කිරීම හා වැඩිදියුණු කිරීම, නව යුගයේ පොදු ඉරණමක් සහිත චීන සර්බියා හවුලක් ගොඩනැගීම පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශනය”ට දෙපාර්ශ්වය අත්සන් තබනු ඇත. ඉන් දෙරටේ සබඳතාවේ වඩාත් දීප්තිමත් ඓතිහාසික පරිච්ඡේදය ආරම්භ වනු ඇත.

චීන සර්බියා සබඳතාවේ වඩාත් සුන්දර අනාගතය ක්‍රමයෙන් ඉස්මතු වෙමින් පවතී. සර්බියාව සමග දෙරටේ මිතුදම සංවර්ධනය කරමින් ඒකාබද්ධව නව යුගයේ පොදු ඉරණමක් සහිත චීන සර්බියා හවුල ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම