චීන- සර්බියා සබදතා තවදුරටත් සවිමත් කෙරෙන නව වැඩ පිළිවෙලක් ප්‍රකාශයට පත් කෙරේ
2024-05-08 20:01:06
Share with:

නව යුගයේ පොදු ඉරණමක් සහිත චීන-සර්බියා හවුල ගොඩ නැගීම වෙනුවෙන් චීනය ප්‍රථමයෙන් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ ප්‍රකාශයට පත් කෙරේ.

අද(8)  දහවල් Belgrade හිදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සර්බියානු ජනාධිපති Aleksandar Vucic මහතා සමග එක්ව මාධ්‍ය හමුවකට එක් විය.එහිදී ෂී ජින් පිං ජනාධිපතිවරයා එම වැඩපිළිවෙළ ප්‍රකාශයට පත් කළේ ය.

2027 වසරේ වෘත්තීය ලෝක ප්‍රදර්ශනයේ සත්කාරකත්වය බාර ගත් සර්බියාවට චීනය සහාය දක්වන බවත්, එම ප්‍රදර්ශනයට එක්වීමට නියෝජිතය කණ්ඩායම් යැවීමට හා  අදාළ ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා සහභාගී වීමට චීන සමාගම් දිරිමත් කරනු ඇති බවත්, චීන ජනාධිපතිවරයා කියා සිටියේ ය.එමෙන් ම චීනය සර්බියාවෙන් උසස් තත්ත්වයේ කෘෂි නිෂ්පාදිත ආනයනය කිරීම වැඩි කරනු ඇත. දෙරටේ මානව හුවමාරු පුළුල් කිරීම සඳහා ඉදිරි වසර තුන තුළ සර්බියානු තරුණ විද්‍යාඥයන් 50 දෙනෙකුට චීනයේදී විද්‍යා පර්යේෂණවල නිරතවීමට ද සර්බියානු තරුණයන් 300 දෙනෙකුට චීනයේදී අධ්‍යාපන කටයුතුවල නිරතවීමට ද චීනය අවස්ථා සපයා දෙනු ඇත. සර්බියාව Belgrade සිට චීනයේ ශැංහයි නුවර දක්වා සෘජු ගුවන් ගමනක් ආරම්භ කිරීම චීනය පිළිගනනා බවත්, දෙරටේ ගුවන් සේවා සමාගම් Belgrade හා චීනයේ ගුවං චෞ නුවර අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම දිරිමත් කරන බවත්, චීන ජනාධිපතිවරයා පවසයි.

දෙරටේ පොදු ප්‍රයත්න යටතේ චීන-සර්බියානු නිදහස් වෙළඳ ගිවිසුම එළඹෙන ජූලි මස පළමු දා සිට බලාත්මක කෙරෙන බව ද චීන ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම