චීන ජනාධිපතිවරයා ගේ සර්බියානු සංචාරයේදී සහයෝගතා ලියවිලි රැසකට අත්සන් තැබේ
2024-05-08 22:50:14
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ සර්බියානු සංචාරයේදී ලියවිලි 30කට පමණ අත්සන් තැබේ.

චීන ජනාධිපතිවරයා ඊයේ(7) සහ අද (8) යන දෙදින තුළ සර්බියාවේ නිල සංචාරයක නිරත විය. එම කාලයේ දී චීනය හා සර්බියාව අතර ලියවිලි 30කට පමණ අත්සන් තැබිණ. චීන-සර්බියානු පූර්ණ උපාය මාර්ගික හවුල්කාරී සම්බන්ධතා තවදුරටත් ඉහළ නැංවීම සහ නව යු‍ගයේ ‍පොදු ඉරණමක් සහිත චීන-සර්බියානු හවුල ගොඩ නැගීම පිළිබඳ ඒකාබද්ධ නිවේදනය ඒ අතරින් ප්‍රධාන වේ. එමෙන් ම නීති, රේගු කටයුතු, යටිතල පහසුකම් සංවර්ධනය, ආර්ථික , සංස්කෘතික, විද්‍යා හා තාක්ෂණ, කෘෂිකර්මය, වන හා ජල සංරක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට අදාළ ලියවිලි රැසකට චීනය හා සර්බියාව අත්සන් තබා ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම