චීන - ප්‍රංශ නායක මගපෙන්වීම් ඔස්සේ දෙරට සබඳතා සරුසාර අනාගතයක් කරා
2024-05-08 00:22:20
Share with:

ප්‍රංශ සංචාරයේ නිරත චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එරට වේලාවෙන් 6 වැනි දා ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා සමග සාකච්ඡා පැවැත්වීය. එහිදී ද්විපාර්ශ්වික සම්බන්ධතා පිළිබඳව එකඟතා රැසකට පැමිණි එම නායක දෙපළ, චීනය හා ප්‍රංශය අත්වැල් බැඳගනිමින් තවදුරටත් ඉදිරියට යා යුතුය යන පැහැදිලි සංඥාව ලොවට නිකුත් කර ඇත.

චීන-ප්‍රංශ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කර මේ වසරට වසර 60 ක් සපිරේ. ෂී ජින් පිං ජනාධිපතිවරයා මේ වසරේ සිය පළමු විදේශ සංචාරය සඳහා ප්‍රංශය තෝරා ගැනීමෙන් චීන-ප්‍රංශ සබඳතාව කෙරෙහි චීනය දක්වන ඉතා වැදගත් සැලකිල්ල මැනවින් පිළිබිඹු වේ. ප්‍රංශය වෙත පැමිණි චීන ජනාධිපතිවරයා එහිදී පිළිගැනුණේ මහත් හරසරිනි. මේ තුළින් පෙන්නුම් කෙරෙන්නේ ද දෙරට අතර පවතින දැඩි මිත්‍රත්වය ම වේ.

 චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමෙන් පසු චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ප්‍රථමයෙන් ස්ථාපිත කළ බටහිර රට වූයේ ප්‍රංශයයි. එදා මෙදා තුර චීන-ප්‍රංශ සම්බන්ධතා පැමිණ ඇති ගමන් මඟ සිහි කරමින් චීන ජනාධිපතිවරයා කියා සිටියේ ස්වාධීනත්වය, අන්‍යෝන්‍ය අවබෝධය, දුරදර්ශීභාවය, අන්‍යෝන්‍ය යහපත හා පොදු ජයග්‍රහණ මත ආරම්භ කෙරුණු දෙරට සබඳතාවට වත්මන් යුගයේ නව අරුත් එක් කළ යුතු බවයි. මෙවර සංචාරයත් සමග Emmanuel Macron ජනාධිපතිවරයා හා එක්ව දෙරටේ ඉදිරි වසර 60 සඳහා නව ගමනක් ආරම්භ කිරීමට සූදානමින් සිටින බව ද හෙතෙම පැවසීය. ඒ සඳහා චීනය හා ප්‍රංශය පෙර සේම දේශපාලන විශ්වසනීයත්වය වඩාත් තහවුරු කරමින් ආර්ථික හා වෙළඳ සහ‍‍‍යෝගිතා තවදුරටත් ඉදිරියට ගෙන යා යුතු බව ද චීන ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ඉදිරියේ දී චීනය ප්‍රංශයෙන් උසස් තත්ත්වයේ භාණ්ඩ ආනයනය කරනු ඇත. චීනයේ ක්‍රියාත්මක චීන ලක්ෂණයෙන් යුත් නවීකරණ ක්‍රියාදාමයට ප්‍රංශ ව්‍යවසායන්ගේ සහභාගිත්වය අපේක්ෂා කරන බව ද හෙතෙම කියාසිටී. 

Emmanuel Macron ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ, චීන ව්‍යවසායන් ප්‍රංශයේ ආයෝජනය කිරීමේ දී තම රජය වඩාත් අනුග්‍රාහී ප්‍රතිපත්ති අනුගමනය කරනු ඇති බවයි. එමෙන් ම චීනය හා ප්‍රංශය සංස්කෘතික, සංචාරක,අධ්‍යාපන, ක්‍රීඩා ඇතුළු ක්ෂේත්‍රවල සහ විශේෂයෙන් දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීම, ජෛව විවිධත්වය සුරැකීම හා කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් වඩාත් සහ‍‍යෝගයෙන් කටයුතු කරන බවට දෙරට නායක දෙපළ එකඟ වී ඇත. ලොව බලගතු රටවල් 2 ක් වශයෙන් බහුධ්‍රැවීය ලොවක් ගොඩනැගීම උදෙසා වගකීම් දැරීමට ද චීන හා ප්‍රංශ නායකයන් කැමැත්ත පළ කර තිබේ.

 

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම