චීන ජනපති සහ ආර්යාව වෙනුවෙන් සර්බියානු ජනපති ගෙන් විශේෂ භෝජන සංග්‍රහයක්
2024-05-08 22:43:04
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ජනාධිපති ආර්යා පෙං ලියුවාන් මහත්මිය, සර්බියා ජනාධිපති Aleksandar Vučić මහතා මහතා සහ ආර්යාව විසින් පවත්වන ලද පිළිගැනීමේ භෝජන සංග්‍රහයට එක් වෙති. එය අද (8) Belgrade නුවර දී පැවැත්විණ.

Aleksandar Vučić මහතාගේ නායකත්වයෙන් සර්බියා රජය හා ජනතාව උත්සාහ දරමින් ආර්ථික හා සමාජ වර්ධනය, ජන ජීවිතය යනාදී ක්ෂේත්‍රවල කැපී පෙනෙන ප්‍රගති ලබා ගෙන ඇති බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. මෑත වසර කිහිපය තුළ චීනය හා සර්බියාව අතර අධි ගුණාත්කම භාවයෙන් යුතු එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී සරු ප්‍රතිඵල ලබා ගෙන තිබේ. එය පොදු ඉරණමක් සහිත මානවයන්ගේ ප්‍රජාව ගොඩනැගීමේ මනා නිදසුනක් ලෙසට සැලකිය හැකි ය.

Aleksandar Vučić මහතා සමග ගැඹුරු මෙන්ම පූර්ණ සාකච්ඡා පවත්වා බොහෝ වැදගත් එකඟතාවන්ට පැමිණ ඇති බව ෂී ජින් පිං මහතා කීය. ඒකාබද්ධ ප්‍රකාශනයට අත්සන් තැබීමෙන් චීන සර්බියා සබඳතාවේ ඓතිහාසික පරිච්ඡේදයක් ආරම්භ වනු ඇත. සර්බියා ජාතිකයන් සමග නව යුගයේ පොදු ඉරණමක් සහිත චීන සර්බියා හවුලක් ගොඩනැගීම වෙනුවෙන් අඛණ්ඩව උත්සහා දැරීමට චීනය කැමැත්තෙන් සිටින බව හෙතෙම අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම