“ෂී ජින්පිං මහතා ප්‍රිය කරන සම්භාව්‍ය උද්ධෘත” නමැති වැඩසටහනේ ජාත්‍යන්තර අනුවාදය සර්බියාවේ විකාශය කෙරේ
2024-05-08 01:47:52
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ සර්බියානු නිල සංචාරය  නිමිත්තෙන් චීන මාධ්‍ය සමූහය විසින් නිෂ්පාදනය කරන ලද “ෂී ජින්පිං මහතා ප්‍රිය කරන සම්භාව්‍ය උද්ධෘත” නමැති වැඩසටහනේ ජාත්‍යන්තර අනුවාදය එරට විකාශය කෙරේ. එම උත්සවය ඊයේ (7) Belgrade නගරයේ දී පැවැත්විණ.

එහිදී මාර්ගගතව දේශනයක් පැවැත්වූ සර්බියානු ජනාධිපති Aleksandar Vučić මහතා එම වැඩසටහන තම රටේ විකාශය කිරීම සම්බන්ධයෙන් සුබ පැතුම් පිරිනැමීය.

“ෂී ජින්පිං මහතා ප්‍රිය කරන සම්භාව්‍ය උද්ධෘත” වැඩසටහනේ ජාත්‍යන්තර අනුවාදය, ඔහුගේ වැදගත් දේශන, ලිපි, සංවාද තුළින් උපුටා දක්වා ඇති චීනයේ සම්භාව්‍ය උද්ධෘත පාඨ සංග්‍රහයකින් සමන්විත ය. එම වැඩසටහන ඔස්සේ ෂී ජින්පිං මහතා සතු පුළුල් සංස්කෘතික දැනුම හා ජනතාවාදී ගුණය පිළිබිඹු වන අතර චීන ශිෂ්ටාචාරයේ සුවිශේෂත්වය මෙන්ම නව යුගයේ එහි අන්තර්ගත හා ගෝලීය වටිනාකම විග්‍රහ කෙරේ.

නිල සංචාරයක් වෙනුවෙන් සර්බියාවට පැමිණෙන ෂී ජින්පිං මහතා උණුසුම් අයුරින් පිළිගන්නා බව ද එරට ජනාධිපති Aleksandar Vučić මහතා පැවසීය.

චීන මාධ්‍ය සමූහය සර්බියානු-චීන මිත්‍රත්වය වෙනුවෙන් දැරූ දැවැන්ත ප්‍රයත්න පිළිබඳව ස්තුතිය පළ කළ ජනාධිපතිවරයා දෙරට අන්‍යෝන්‍ය හුවමාරු විවිධාකාරයෙන් තහවුරු කරමින් වානේ මෙන් ශක්‍තිමත් ද්විපාර්ශ්වික මිත්‍රත්වය වඩාත් ඉහළ මට්ටමකට රැගෙන යා හැකි වනු ඇතැයි ද අපේක්ෂා පළ කළේය.

චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා එම උත්සවය අමතමින් පැවසුවේ, චීනය හා සර්බියාව අතර සංස්කෘතික සහ ජනතා සම්බන්ධතා තහවුරු කිරීමට චීන මාධ්‍ය සමූහය සූදානම් බවයි. සංස්කෘතික හුවමාරු මගින් දෙරට මිතුදමේ නව පරිච්ඡේදයක් නිර්මාණය කිරීම චීන මාධ්‍ය සමූහයේ අපේක්ෂාව බව ද හෙතෙම කියා සිටියේය.

මේ අතර, චීන මාධ්‍ය සමූහය සහ සර්බියාවේ ජාතික ගුවන්විදුලි හා රූපවාහිනී සේවය ඒකාබද්ධ ව, දෙරට අතර ගැඹුරු මිතුදම තේමා කරගත් මානව හුවමාරු උත්සවයක් සංවිධානය කර තිබේ. Belgrade නගරයේ ඊයේ (7) පැවති එම උත්සවයේ දී මාර්ගගතව දේශනයක් පැවැත්වූ සර්බියානු ජනාධිපති Aleksandar Vučić මහතා එම වැඩසටහනේ සාර්ථකත්වය සම්බන්ධයෙන් සුබ පැතුම් පිරිනැමීය.

චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා එහිදී පැවසුවේ සර්බියාවේ ජනාධිපති කර්යාලයේ මාධ්‍ය සම්බන්ධතා දෙපාර්තමේන්තුව, එරට ජාතික ගුවන්විදුලි හා රූපවාහිනී සේවය ඇතුළු ආයතන සමග චීන මාධ්‍ය සමූහය තවදුරටත් පුළුල් සහයෝගිතා තහවුරු කරන බවයි. දෙරට මානව හුවමාරු සහතික කර පොදු ඉරණමක් සහිත මානව ප්‍ර‍ජාව ගොඩනැංවීමට නිසි ගාමක බලය සපයන බව ද හෙතෙම එහිදී කියාසිටියේය.

චීන මාධ්‍ය සමූහය හා සර්බියාවේ සංචාරක කාර්යාංශය එහිදී මීට අදාළ සහයෝගිතා ගිවිසුමකට ද අත්සන් තැබීය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම