චීන හා සර්බියානු ජනාධිපතිවරුන් ගේ සහභාගීත්වයෙන් මාධ්‍ය හමුවක්
2024-05-08 23:09:55
Share with:

චීන හා සර්බියානු ජනාධිපතිවරු මාධ්‍ය හමුවකට එක් වෙති. 

සර්බියානු සංචාරයේදී සර්බියානු ජනාධිපතිවරයා, රාජ්‍ය නිලධාරීන්  හා සර්බියානු ජනතාවගේ උණුසුම් පිළිගැනීම සහ චීනය කෙරෙහි දක්වන හිතෛෂීභාවය වෙනුවෙන් ෂී ජින් පිං ජනාධිපතිවරයා එහිදී ස්තුතිය පළ කළේ ය. තමන් සර්බියානු ජනාධිපති Aleksandar Vucic මහතා සමග පැවැත්වූ  සාකච්ඡා පිළිබඳ සඳහන් කරමින් චීන ජනාධිපතිවරයා කියා සිටියේ සර්බියාව සමග චීනය නව වැදගත් එකඟතා බොහෝමයකට එළඹුණ  බවයි.

සර්බියාව සමග එක්ව නව යුගයේ පොදු ඉරණමක් සහිත චීන-සර්බියා හවුල ගොඩ නගන බව චීන හා සර්බියානු නායක දෙපළ එම සාකච්ඡාවේදී ප්‍රකාශ කළහ. ඉන් දෙරටේ සම්බන්ධතා ඉතිහාසයේ නව කාලපරිච්ඡේදයක් ආරම්භ වන බව ෂී ජින් පිං මහතා පවසයි.එකිනෙකාට සහාය දෙමින් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ යටතේ වඩාත් පුළුල් ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ද්විපාර්ශ්වික සම්බන්ධතා ඉදිරියට ගෙන යාමට චීනය හා සර්බියාව කැමැත්තෙන් සිටී.

නව යුගයේ පොදු ඉරණමක් සහිත චීන-සර්බියා හවුල ගොඩ නැගීම වෙනුවෙන් චීනය ප්‍රථමයෙන් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශයට පත් කෙරිණ.2027 වසරේ වෘත්තීය ලෝක ප්‍රදර්ශනයේ සත්කාරකත්වය බාර ගත් සර්බියාවට චීනය සහාය දක්වන බවත්, එම ප්‍රදර්ශනයට එක්වීමට නියෝජිතය කණ්ඩායම් යැවීමට හා  අදාළ ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා සහභාගී වීමට චීන සමාගම් දිරිමත් කරනු ඇති බවත්, චීන ජනාධිපතිවරයා කියා සිටියේ ය.එමෙන් ම චීනය සර්බියාවෙන් උසස් තත්ත්වයේ කෘෂි නිෂ්පාදිත ආනයනය කිරීම වැඩි කරනු ඇත. දෙරටේ මානව හුවමාරු පුළුල් කිරීම සඳහා ඉදිරි වසර තුන තුළ සර්බියානු තරුණ විද්‍යාඥයන් 50 දෙනෙකුට චීනයේදී විද්‍යා පර්යේෂණවල නිරතවීමට ද සර්බියානු තරුණයන් 300 දෙනෙකුට චීනයේදී අධ්‍යාපන කටයුතුවල නිරතවීමට ද චීනය අවස්ථා සපයා දෙනු ඇත. සර්බියාව Belgrade සිට චීනයේ ශැංහයි නුවර දක්වා සෘජු ගුවන් ගමනක් ආරම්භ කිරීම චීනය පිළිගනනා බවත්, දෙරටේ ගුවන් සේවා සමාගම් Belgrade හා චීනයේ ගුවං චෞ නුවර අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම දිරිමත් කරන බවත්, චීන ජනාධිපතිවරයා පවසයි. දෙරටේ පොදු ප්‍රයත්න යටතේ චීන-සර්බියානු නිදහස් වෙළඳ ගිවිසුම එළඹෙන ජූලි මස පළමු දා සිට බලාත්මක කෙරෙන බව ද චීන ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කළේ ය.

ඉතිහාසය දෙස ආපසු හැරී බලන විට,චීන-සර්බියා මිත්‍රත්වය ලෙයින් හා ජීවිතවලින් ගොඩ නැගුණේ ලෝක සාමය හා සංවර්ධනය ආරක්ෂා කළ අතීත අරගලවලදී ය. අනාගතයට අවධානය යොමු කිරීමේදී නව යුගයේ පොදු ඉරණමක් සහිත චීන-සර්බියා හවුල ගොඩ නැගීම දෙරටේ උපාය මාර්ගික ‍තේරීමක් බව ෂී ජින් පිං ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ය.දෙරටේ ජනතාව සුන්දර ජීවිතය කෙරෙහි තබන බලාපොරොත්තු සැබෑ කර දීම එහි අරමුණ වී ඇති බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.

වසර 8කට පසු ෂී ජින් පිං ජනාධිපතිවරයා යළි සර්බියාවේ සංචාරය කිරීම සර්බියාවට සුවිශේෂී වැදගත්කමක් ගෙන දුන් බව Aleksandar Vucic ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ය. මෙම සංචාරය මගින් දෙරටේ මිත්‍රත්වය පෙරට වඩා තහවුරු වී ඇති බවට හෙතෙම විශ්වාස පළ කර තිබේ.චීනය සමග එක්ව විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා වඩාත් ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වන බව ද සර්බියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම