නව යුගයේ පොදු ඉරණමක් සහිත චීන-සර්බියා හවුල ගොඩ නැගීම දෙරටේ උපාය මාර්ගික ‍තේරීමක් බව චීන ජනාධිපතිවරයා පවසයි
2024-05-08 20:32:00
Share with:

සර්බියාව සමග එක්ව නව යුගයේ පොදු ඉරණමක් සහිත චීන-සර්බියා හවුල ගොඩ නැගීමට කැමති බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසයි.

හෙතෙම ‍මේ බව පැවසුවේ අද දහවල් Belgrade හිදී සර්බියානු ජනාධිපති Aleksandar Vucic මහතා සමග එක්ව මාධ්‍ය හමුවකට එක් වෙමිනි. ඉතිහාසය දෙස ආපසු හැරී බලන විට,චීන-සර්බියා මිත්‍රත්වය ලෙයින් හා ජීවිතවලින් ගොඩ නැගුණේ ලෝක සාමය හා සංවර්ධනය ආරක්ෂා කළ අතීත අරගලවලදී ය. අනාගතයට අවධානය යොමු කිරීමේදී නව යුගයේ පොදු ඉරණමක් සහිත චීන-සර්බියා හවුල ගොඩ නැගීම දෙරටේ උපාය මාර්ගික ‍තේරීමක් බව ෂී ජින් පිං ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ය.දෙරටේ ජනතාව සුන්දර ජීවිතය කෙරෙහි තබන බලාපොරොත්තු සැබෑ කර දීම එහි අරමුණ වී ඇති බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම