ගෝලීය සාමය වෙනුවෙන් වූ චීන-ප්‍රංශ ඒකාබද්ධ නිවේදනය
2024-05-08 11:22:36
Share with:

පසුගිය 6 වනදා චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රංශයේ නිල සංචාරය අතරතුර, “මැද පෙරදිග ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳ චීන-ප්‍රංශ ජනපතිවරුන්ගෙන් ඒකාබද්ධ නිවේදනයක්” නිකුත් කර ඇත. පලස්තීන -ඊශ්‍රායල ගැටුම, ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය, රතු මුහුදේ අර්බුදය යන මැද පෙරදිග ප්‍රදේශයේ හදිසි තත්ත්වයන් පිළිබඳ දෙපාර්ශ්වයේ එකඟතාවන් සඳහන් කරමින් මෙම පොදු ප්‍රකාශය සිදු කර ඇත. 

එම නිවේදනය මගින් මානව හෘද සාක්ෂිය, ජගත් ප්‍රජාවේ සාධාරණත්වය හා යුක්තිය ආරක්ෂා කිරීමේ ඉල්ලීම් පිළිබිඹු කෙරේ. එමෙන්ම විශාල රටවල් දෙකක් වන චීනය හා ප්‍රංශය ලෝක සාමය සහ ස්ථාවරත්වය සහතික කරන වගකීම භාර ගැනීම ද ඉන් පිළිබිඹු වේ.එය මැද පෙරදිග වැඩි වශයෙන් අවධානයට ලක් වූ ගැටළු විසඳා ගැනීම සඳහා වන වැදගත් පෙළඹවීමකි. 

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජික රටවල් දෙකක් හා ස්වාධීන රටවල් දෙකක් ලෙස චීනය හා ප්‍රංශය මැද පෙරදිග හා සම්බන්ධ ප්‍රශ්න කෙරෙහි පූර්ණ එකඟතාවන්ට එළඹ තිබේ. මෙවර නිල සංචාරයේ විවිධ උත්සව අවස්ථාවලදී ෂී ජින්පිං මහතා පලස්තීන -ඊශ්‍රායල ප්‍රශ්න පිළිබඳ සඳහන් කර ඇත.සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම වර්තමානයේ අත්‍යවශ්‍ය කටයුත්තකි. ගාසා තීරයේ මානව සහනාධාර ලබා දීම සහතික කරමින් ‘ද්විත්ව රාජ්‍ය සැලැස්ම’ සැබවින්ම ක්‍රියාත්මක කිරීම හෙතෙම අවධාරණය කළේය. චීනය සමඟ සමීප අදහස් හුවමාරු හා සහයෝගීතා පවත්වා බහුපාර්ශ්වවාදය , එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය හා මූලධර්ම, ජාත්‍යන්තර නීති පොදුවේ සුරක්ෂිත කිරීමට ප්‍රංශය කැමැත්තෙන් සිටින බව ප්‍රංශ පාර්ශ්වය එහිදී ප්‍රකාශ කර ඇත. 

ඊට අමතරව, චීන හා ප්‍රංශ නායකයන් දෙපළ ප්‍රාදේශීය තත්ත්වය උග්‍ර වීමේ තර්ජන කෙරෙහි දැඩි කනස්සල්ල පළ කර ඇත. ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්න දේශපාලනික ක්‍රමයෙන් හා රාජ්‍යතාන්ත්‍රික ක්‍රමයෙන් විසඳා ගැනීම එම නිවේදනයෙන් යළි අවධාරණය කර ඇත. එමෙන්ම රතු මුහුද හා Aden බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ නාවික නිදහස සහතික කිරීමේ වැදගත්කම ද එහිදී අවධාරණය කෙරිණ. සිවිල් නෞකා වෙත ප්‍රහාර එල්ල කිරීමේ ක්‍රියා වහාම නතර කරන ලෙස නායකයන් දෙපළ එහිදී අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කළහ. අදාළ කරුණු මැද පෙරදිග ප්‍රදේශයේ සාමය ස්ථාපිත කිරීමට වඩා වැදගත් වනු ඇත.

ඉදිරි වසර 60 තුළ ද, ව්‍යාකූල ගෝලීය තත්ත්වය හමුවේ චීනය හා ප්‍රංශය එක්ව මානව සංවර්ධනය සඳහා එහි යහපත් දිශානතිය වෙනුවෙන් අත්වැල් බැඳ ගත යුතුය. මැද පෙරදිග ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳ චීනය හා ප්‍රංශය ඇති කර ගත් එකඟතාවන් මෙන්ම ඉන් පිළිබිඹු වනුයේ ද ගෝලීය පොදු අපේක්ෂාවේ බුද්ධිය හා අධිෂ්ඨානයයි. 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම