චීන ජනපතිගේ විශේෂ ලිපියක් හංගේරියාවේ පුවත්පතක පළ කෙරේ
2024-05-08 14:26:20
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ අත්සනින් යුත් ලිපියක් හංගේරියාවේ පුවත්පතක පළ කෙරේ.

ඔහු හංගේරියාවේ නිල සංචාරයක නිරත වීමට සූදානම් වීම නිමිත්තෙන් මෙම ලිපිය අද (8) එරට Magyar Nemzet පුවත්පතේ පළ කර තිබේ.

"චීන-හංගේරියානු සබඳතා ස්වර්ණමය යුගයකට යොමු කිරීම වෙනුවෙන් අත්වැල් බැඳගැනීම" එම ලිපියේ තේමාවයි.

චීන-හංගේරියානු දෙරටේ ජනතාව අතර මිතුදමට දීර්ඝ ඉතිහාසයක් තිබෙන බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. මෙම වසර චීන-හංගේරියානු රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 75වැනි සංවත්සරයයි. ගෙවුණු වසර 75 තුළ, නිරන්තරයෙන් වෙනස් වන ජාත්‍යන්තර තත්ත්වයන් හමුවේ දෙපාර්ශ්වය අන්‍යෝන්‍ය ගරුත්වයෙන් සහ සමානාත්මතාවයෙන් යුතුව කටයුතු කර ඇත. එහිදී දෙපාර්ශ්වයම අන්‍යෝන්‍ය යහපත හා පොදු ජයග්‍රාහී ප්‍රතිඵලවලට අනුගත වූ අතර ස්වාධීනව විදේශීය මිත්‍ර සබඳතා පැවැත්වීමේ නිවැරදි මාවතක් සොයාගෙන ඇති බව ද හෙතෙම එහිදී කියාසිටියේය. දෙපාර්ශ්වයම ඉහළ මට්ටමකින් දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය ස්ථාපිත කර ඇති අතර ද්විපාර්ශ්වික සබඳතා ඉතිහාසයේ වඩාත් හොඳම කාලපරිච්ඡේදයට පිවිස ඇතැයි චීන ජනාධිපතිවරයා එහි සඳහන් කර ඇත.

මෙම සංචාරයෙන්, චීන-හංගේරියානු දෙරට අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය යළි තහවුරු කර ගැනීමටත්, දෙරටේ අන්‍යෝන්‍ය යහපත හා සහයෝගිතා ශක්තිමත් කිරීමටත්, දෙරටේ විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරි සබඳතාව ඉහළ මට්ටමකට ප්‍රවර්ධනය කිරීමටත් හැකිවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ජාත්‍යන්තර කටයුතු සම්බන්ධ හුවමාරු තවදුරටත් ශක්තිමත් කොට ගෝලීය අභියෝගවලට මුහුණ දීමට එක්ව කටයුතු කළ යුතු අතර, ලෝක සාමය ආරක්ෂා කොට පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා දෙරටම මනා දායකත්වයක් ලබා දිය යුතුය. නව යුගයේ නව ගමනේ, හංගේරියාව සමඟ සහයෝගිතාවයේ නව පරිච්ඡේදයක් අඛණ්ඩව පවත්වාගෙන දෙර‍ටේ ජනතාව සඳහා දීප්තිමත් අනාගතයක් ඒකාබද්ධව නිර්මාණය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද චීන ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම