චීන හා සර්බියානු සබඳතා තර කෙරේ
2024-05-08 18:00:42
Share with:

චීන-සර්බියානු සම්බන්ධතා වඩාත් ඉහළ තලයකට ගෙන යන බව චීන හා සර්බියානු ජනාධිපතිවරු ප්‍රකාශ කරති.

සර්බියා ජනාධිපති Aleksandar Vucic මහතා එරට වේලාවෙන් අද (8) පෙරවරුවේ Belgrade හිදී සංචාරයක් සඳහා පැමිණ සිටින චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සමග සාකච්ඡාවක් පැවැත්වීය.චීන-සර්බියානු පූර්ණ උපාය මාර්ගික හවුල්කාරී සම්බන්ධතා තවදුරටත් ඉහළ නංවන බවත්, නව යු‍ගයේ ‍පොදු ඉරණමක් සහිත චීන-සර්බියානු හවුල ගොඩ නැගීමට කටයුතු කරන බවත්, එහිදී නායක දෙපළ ප්‍රකාශ කළහ. ඊට අදාළ ඒකාබද්ධ නිවේදනයක් ද නිකුත් කෙරිණ. චීන හා සර්බියානු ජනාධිපතිවරු එම ඒකාබද්ධ නිවේදනයට අත්සන් තැබූහ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම