චීන ජනපති ආර්යාව සර්බියා ජනපති ආර්යාවගේ ඇරයුමින් එරට ජාතික කෞතුකාගාරය නැරඹීමට එක් වෙයි
2024-05-08 23:34:58
Share with:


සර්බියා ජනපති ආර්යා Tamara Vučić මහත්මියගේ ආරාධනයෙන් චීන ජනාධිපති ආර්යා පෙං ලියුවාන් මහත්මිය අද(8) Belgrade නුවර දී සර්බියා ජාතික කෞතුකාගාරය නැරඹීමට එක් වූවාය.

විශිෂ්ට සිතුවම් ප්‍රදර්ශනය නැරඹීමට ආර්යාවන් දෙපල එක් වූහ. චීන ජනපති ආර්යා පෙං ලියුවාන් මහත්මිය එහිදී ප්‍රකාශ කළේ දිගු ඉතිහාසයක් සහිත සර්බියා ජාතික කෞතුකාගාරයේ වටිනා පුරා වස්තු තැන්පත් කර ඇති බවයි. කෞතුකාගාරය හා පුරාවස්තු සංරක්ෂණය ඔස්සේ දෙපාර්ශ්වය සංස්කෘතික හුවමාරු හා සහයෝගිතා ශක්තිමත් කරමින් ශිෂ්ටාචාර සංවාද පාලම පොදුවේ ඉදිකිරීමට හැකි වෙතැයි පෙං ලියුවාන් මහත්මිය අපේක්ෂා පළ කළාය.

මේ අතර සර්බියා කාන්තාවන් ගේ අත්කම් ගෙතීම ඇතුළු සාම්ප්‍රදායික හැකියාවන් නරඹමින් එම දෙපළ අදාළ  ශිල්පීන් සමග අදහස් හුවමාරු කර ගත්හ. එවැනි වැදගත් ද්‍රව්‍යාත්මක නොවන සංස්කෘතික උරුම ප්‍රචලිත කිරීමට දෙරටේ තරුණයන් සක්‍රීය ලෙස  දිරිගන්වමින් සාම්ප්‍රදායික අත්කම් හැකියාවන් පාරම්පරිකව උරුම කර ගැනීම ප්‍රවර්ධනය කළ යුතු බව පෙං ලියුවාන් මහත්මිය කීවාය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම