රුසියාවේ නව ජනාධිපතිවරයා ලෙස Vladimir Putin මහතා දිවුරුම් දෙයි
2024-05-08 09:50:28
Share with:

Vladimir Putin මහතා රුසියානු සමූහාණ්ඩුවේ අටවැනි ජනාධිපතිවරයා ලෙස වසර හයක කාලයක් සඳහා යළි දිවුරුම් දෙයි. ඊයේ (7) මොස්කව් හි ක්‍රෙම්ලිනයේදී ජනපති පදවි ප්‍රාප්ති උත්සවය පැවැත්විණ.

රුසියාව වත්මන් දුෂ්කර කාලය මැඩපවත්වා වඩා ශක්තිමත් වනු ඇති බවත්, නව සංවර්ධන සැලසුම් සහ ඉලක්ක ඉටු කිරීමේ මනා විශ්වාසයකින් සිටින බවත් Vladimir Putin මහතා එහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේය. රුසියාව අඛණ්ඩව විවෘතභාවය පවත්වා ගනිමින්, මිත්‍ර රටවල් සමඟ හවුල්කාරීත්වයන් වැඩි දියුණු කරනු ඇති බව ද ඔහු පැවසීය. ආරක්ෂාව සහ උපායමාර්ගික ස්ථාවරත්වය පිළිබඳ ප්‍රශ්න සම්බන්ධයෙන් බටහිර රටවල් සමඟ සංවාදවල යෙදිය හැකි නමුත්, එම සංවාද පැවැත්විය හැක්කේ සමානාත්මතාවය සහ එකිනෙකාගේ අවශ්‍යතාවලට ගරු කිරීමේ පදනම  මත පමණක් බව Vladimir Putin මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

Vladimir Putin මහතා රුසියානු ජනාධිපතිවරයා ලෙස යළි දිවුරුම් දීම සම්බන්ධයෙන් චීනය සුභ පැතුම් පිරිනමන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා අද(8) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය. Vladimir Putin මහතා යළි ජනපති ධුරයට තේරී පත්වීම පිළිබඳ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුභපැතුම් පණිවුඩය මීට පෙර යොමු කර තිබේ. Vladimir Putin මහතාගේ නායකත්වයෙන් රුසියාව ගොඩනැංවීම, ආර්ථික හා සමාජ සංවර්ධනයේ නව ජයග්‍රහණ අඛණ්ඩව ලබා ගත හැකි යැයි විශ්වාස කරන බව ෂී ජින් පිං මහතා එම සුභපැතුම් පණිවුඩයේ සඳහන් කර තිබේ.‍

 

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම