චීන හා සර්බියා ජනාධිපතිවරු බෙල්ග්‍රේඩ් නුවරදී හමුවෙති
2024-05-08 20:56:45
Share with:

සර්බියා ජනාධිපති Aleksandar Vucic මහතා එරට වේලාවෙන් අද (8) පෙරවරුවේ Belgrade හිදී සංචාරයක් සඳහා පැමිණ සිටින චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සමග සාකච්ඡාවක් පැවැත්වීය. චීන-සර්බියානු පූර්ණ උපාය මාර්ගික හවුල්කාරී සම්බන්ධතා තවදුරටත් ඉහළ නංවන බවත්, නව යු‍ගයේ ‍පොදු ඉරණමක් සහිත චීන-සර්බියානු හවුල ගොඩ නැගීමට කටයුතු කරන බවත්, එහිදී නායක දෙපළ ප්‍රකාශ කළහ. ඊට අදාළ ඒකාබද්ධ නිවේදනයක් ද නිකුත් කෙරිණ. චීන හා සර්බියානු ජනාධිපතිවරු එම ඒකාබද්ධ නිවේදනයට අත්සන් තැබූහ.

Aleksandar Vucic මහතා හා සර්බියා රජයේ උණුසුම් පිළිගැනීම හා සූදානම සම්බන්ධයෙන් වසර 8කට පසු යළි සර්බියාවට පැමිණි ෂී ජින් පිං මහතා එහිදී ස්තුතිය පළ කළේය. ජාත්‍යන්තර තත්ත්වය වෙනස් වුවද චීනය හා සර්බියාව අතර මිතුදම ස්ථීර තත්ත්වයක පවතී. එම මිතුදමට ගැඹුරු ඓතිහාසික දැනුම හා දැඩි දේශපාලන පදනමක් ඇතැයි ෂී ජින් පිං මහතා කීය. මෙම සංචාරයේ දී “ චීන-සර්බියා පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සබඳතාව ගැඹුරු කිරීම හා වර්ධනය කිරීම, නව යුගයේ පොදු ඉරණමක් සහිත චීන සර්බියා හවුලක් ගොඩනැගීම පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශනය”ට දෙපාර්ශ්වය අත්සන් තබනු ඇත. ඉන් දෙරටේ සබඳතාවේ වඩාත් දීප්තිමත් ඓතිහාසික පරිච්ඡේදය ආරම්භ වනු ඇත.

දෙපාර්ශ්වය අඛණ්ඩව අන්‍යෝන්‍ය වශයෙන් සහාය ලබා දෙමින් උපායමාර්ගික සහයෝගිතා ගැඹුරු කරමින් සිය දේශපාලන, ආරක්ෂක හා මූලික ප්‍රතිලාභ රැක ගත යුතු ය. ප්‍රායෝගික සහයෝගිතා තිරසරව අනුගමනය කිරීමෙන් දෙරටේ ජනතාවට සුභසෙත සැලසේ. නව සහයෝගිතා දැක්ම බිහි කරමින් නිර්මාණශීලි සහයෝගිතා ‌ද්විපාර්ශ්වික සබඳතාවේ නව වර්ධනයක් බවට පත් කළ යුතු බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය.

ෂී ජින් පිං මහතා සාදරයෙන් පිළි ගන්නා බව පවසම්න් Aleksandar Vucic මහතා එහිදී පැවසුවේ චීනය සර්බියාවට අවංකම මිතුරෙක් බවයි. කුඩා රටක් වන සර්බියාවේ ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාවට තිරසරව ගරු කරමින් සර්බියා ආර්ථික හා සමාජ වර්ධනය වෙනුවෙන් චීනය වටිනා සහාය ලබා දී ඇති බව Aleksandar Vucic මහතා කීය. සර්බියාවේ අනාගතය චීනය හා සමීපව සම්බන්ධ වේ. චීනය සමග විවිධ ක්ෂේත්‍රවල, විවිධ මට්ටම්වල හුවමාරු පුළුල් කරමින් යටිතල පහසුකම්, නව බලශක්තිය, නිර්මාණශීලිත්වය, කෘත්‍රිම බුද්ධිය හා මානව ඇතුළු විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා ශක්තිමත් කිරීමට සර්බියාව බලාපොරොත්තුවෙන් සිටී. අද(8) ප්‍රකාශයට පත් කෙරුණු  “ චීන-සර්බියා පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සබඳතාව ගැඹුරු කිරීම හා වැඩිදියුණු කිරීම, නව යුගයේ පොදු ඉරණමක් සහිත චීන සර්බියා හවුලක් ගොඩනැගීම ” දෙරටේ සබඳතා ඉතිහාසයේ සන්ධිස්ථානයක් බවට පත් වනු ඇතැයි හෙතෙම අවධාරනය කළේය.

එමෙන්ම එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල, හරිත සංවර්ධනය හා යටිතල පහසුකම් ඇතුළු ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතා ලේඛණවලට අත්සන් තැබීම ද නායක දෙපළ ඉදිරියේ සිදුවිය. ඉන් පසු ෂී ජින් පිං මහතා හා Peng Liyuan මහත්මිය පිළිගැලීම වෙනුවෙන්  Aleksandar Vucic මහතා හා ආර්යාව විසින් භෝජන සංග්‍රහයක් පිරිනමන ලදි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම