"දේශපාලන ධෛර්යය" පෙන්නුම් කරමින් සටන් විරාමයක් කඩිනමින් අරඹන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ඉල්ලීමක්
2024-05-08 10:58:21
Share with:

ගාසා තීරයේ යුධමය තත්ත්වය දිනෙන් දින උත්සන්න වෙමින් පවතී. එහෙයින් "දේශපාලන ධෛර්යය" පෙන්නුම් කරමින් සටන් විරාමයක් කඩිනමින් අරඹන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ඊශ්‍රායලයෙන් සහ හමාස් සංවිධානයෙන් ඉල්ලා සිටී.

ඊයේ(07) නිව්යෝර්ක් හි පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම කියාසිටියේ, ගාසා තීරයේ ඊජිප්තුවට මායිම් වන රෆා ප්‍රදේශය මේ වනවිට අවතැන් වූ පලස්තීනුවන්ගෙන් පිරී ඉතිරී ඇති බවත් එහි තත්ත්වය තීරණාත්මක වන බවත් ය.

Rafah සහ Karem Shalom හරස් මාර්ග දෙක වසා දැමීමත් සමඟ දරුණු මානුෂීය ව්‍යසන තත්ත්වයක් හට ගෙන බවත්, එහෙයින් ඒවා වහාම නැවත විවෘත කළ යුතු බවත් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ප්‍රකාශ කළේය.

මෙම ගැටුම් හේතුවෙන් මේ වනවිට ඊශ්‍රායල ජාතිකයින් 1,100 ක් සහ පලස්තීනුවන් 34,000 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇත.එහෙයින් තත්ත්වය සමනය කරමින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු කඩිනමින් යළි ඇරඹීමේ අවශ්‍යතාවය ඔහු අවධාරණය කර සිටී.

රෆා ප්‍රදේශයට පහර දීම උපායමාර්ගික වැරැද්දක් වන අතර ඒ හේතුවෙන් දේශපාලනික ව්‍යසනයක් නිර්මාණය වී ඇත. එහෙයින් මෙම ව්‍යසනකාරී තත්ත්වය වළක්වා ගැනීමට සහ‍ය ලබා දෙන ලෙස ඊශ්‍රායලයට බලපෑම් කළ හැකි පාර්ශ්වයන්ගෙන් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා වැඩිදුරටත් ඉල්ලා සිටී.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම