චීනයේ පවතින සංවර්ධන අවස්ථා බෙදාගැනීමට එක්වන්නැයි ප්‍රංශ සමාගම්වලට චීන ජනපතිගෙන් ඇරයුම්
2024-05-07 09:35:54
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා චීන - ප්‍රංශ ව්‍යවසායක කමිටුවේ 6 වැනි සමුළුවේ සමාප්ති උත්සවයට සහභාගි වෙති. එය ඊයේ (6) පස්වරුවේ පැවැත්විණ. එහිදී ෂී ජින් පිං මහතා “අතීතය ඉදිරියට රැගෙන යාම සහ අනාගතය එක්ව විවර කරගැනීම ඔස්සේ චීන-ප්‍රංශ සහයෝගීතාවයේ නවයුගයක් ඒකාබද්ධව නිර්මාණය කිරීම” යන මැයෙන් දේශනයක් පැවැත්වීය.

චීනය සහ ප්‍රංශය අතර භූ දේශපාලනික හෝ වෙනත් අවශ්‍යතා පිළිබඳ කිසිදු ගැටුමක් නොමැති බව හෙතෙම එහිදී අවධාරණය කළේය. චීනය සහ ප්‍රංශය ස්වාධීන අධ්‍යාත්මයන් සහ විශිෂ්ට සංස්කෘතීන්ගේ අන්‍යෝන්‍ය ආකර්ෂණය සහිත රටවල් දෙකකි. එසේම, පුළුල් අවශ්‍යතා සමඟ ප්‍රායෝගික සහයෝගීතාව ද මනාව පවත්වාගෙන ඇති බැවින් ද්විපාර්ශ්වික සබඳතාවන් හි උසස් වර්ධනයට නිසි පසුබිමක් සැකසී ඇතැයි ද චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

අනාගතය උදෙසා චීන-ප්‍රංශ පුළුල් උපායමාර්ගික හවුල්කාරී සම්බන්ධතාවයේ ආර්ථික හා වෙළඳ පදනම පොහොසත් කිරීම සඳහාත්, චීන - යුරෝපා අන්‍යෝන්‍ය ප්‍රතිලාභී සහයෝගීතා ප්‍රවර්ධනය සඳහාත් ප්‍රංශය සමඟ කටයුතු කිරීමට චීනය සූදානම් බව ද ෂී ජින් පිං මහතා පැවසීය. ගෝලීය අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමේ දී ද චීනය ප්‍රංශය සමඟ එක්ව ක්‍රියාකරනු ඇත.

ප්‍රතිසංස්කරණ තවදුරටත් පුළුල් කිරීම, ආයතනික විවෘතභාවය ක්‍රමානුකූලව තහවුරු කිරීම, වෙළඳපොළ ප්‍රවේශය තවදුරටත් සහතික කිරීම සහ විදේශ ආයෝජන ප්‍රවේශය සඳහා වන පහසුකම් නැංවීම යන ප්‍රධාන ක්‍රියාමාර්ග චීනය විසින් මේ වන විට ක්‍රියාවට නංවා ඇති බව ෂී ජින් පිං මහතා සඳහන් කළේය. මෙමගින් ප්‍රංශය ඇතුළු ලොව පුරා රටවලට පුළුල් වෙළෙඳපොළ අවකාශයක් නිර්මාණය කෙරෙනු ඇත. චීන පන්නයේ නවීකරණ ක්‍රියාවලියට සක්‍රිය අයුරින් දායක වන ලෙසත්, චීනයේ පවතින සංවර්ධන අවස්ථා බෙදාගැනීමට එක්වන ලෙසත් ප්‍රංශ සමාගම්වලට සාදරයෙන් ඇරයුම් කරන බව ද චීන ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියාසිටියේය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම