මැද පෙරදිග ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳ චීන-ප්‍රංශ ජනපතිවරුන්ගෙන් ඒකාබද්ධ නිවේදනයක්
2024-05-07 16:33:41
Share with:

ප්‍රංශ ජනරජයේ ජනාධිපති Emmanuel Macron මහතාගේ ආරාධනාවට අනුව, චීන මහජන සමූහණ්ඩුවේ ජනාධිපති ෂී ජින්පිං මහතා 2024 වසරේ මැයි 5 වනදා සිට 7 වනදා දක්වා ප්‍රංශයේ නිල සංචාරයක නිරත විය. නායක දෙපළ මැද පෙරදිග ප්‍රදේශ තත්ත්වය සම්බන්ධයෙන් ගැඹුරු අදහස් හුවමාරු කර ගත්හ. 

සියළු ජාත්‍යන්තර මානව හිමිකම් නීති උල්ලංඝනය කරන ක්‍රියාවන්ට චීනය හා ප්‍රංශය විරෝධය පළ කරයි. ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය මත ගාසා තීරයේ සිවිල් වැසියන් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව දෙරට යළි අවධාරණය කළහ. ඊශ්‍රායලය Rafah නගරයට ප්‍රහාර එල්ල කිරීම මෙන්ම පලස්තීන සිවිල් වැසියන් නවාතැන් ගෙන සිටින ස්ථානයෙන් බලහත්කාරයෙන් ඉවත් කිරීම පිළිබඳව දෙරටේ නායකයෝ විරෝධය පළ කළහ. 

සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම වර්තමානයේ අත්‍යවශ්‍ය කටයුත්තකි. ගාසා තීරයේ සියළු ප්‍රදේශ සුරක්ෂිත කොට, තිරසරව කිසිඳු බාධාවකින් තොරව මානව සහනාධාර ලබා දීම සඳහා සියළු අත්‍යවශ්‍ය මාර්ග හා අන්තර් දේශසීමා ප්‍රවේශ ස්ථාන විවෘත කරන ලෙස දෙරටේ නායකයෝ අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිති.

වත්මන් තත්ත්වය උග්‍ර විය හැකි සියළු ඒකපාර්ශ්වික ක්‍රියා වළක්වන ලෙස චීන හා ප්‍රංශ නායකයන් දෙපළ ඒ ඒ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර ඇත. ඊශ්‍රායලයේ ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් සිය ජනාවාස ඉදිකිරීමේ ප්‍රතිපත්තිය නායකයන් දෙපළ හෙළා දැක තිබේ.

පසුබට නොවී දේශපාලන ක්‍රියාදාමය යළි ආරම්භ කර ‘ද්විත්ව රාජ්‍ය සැලැස්ම’ සැබවින්ම ක්‍රියාත්මක කරන ලෙස චීන හා ප්‍රංශ නායකයෝ ඒ ඒ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කළහ. අසල්වැසි රටවල් දෙකක් වන පලස්තීනය හා ඊශ්‍රායලය අතර සාමකාමී හා සුරක්ෂිත යහපැවැත්ම සහතික කළ යුතුය. ඒ සඳහා 1967 වසරේ දේශසීමා මත පදනම්ව, ජෙරුසලම ඊශ්‍රායලයේ හා පලස්තීනයේ පොදු අගනුවර ලෙස නියම කර, ස්වාධීන මෙන්ම ස්වාධිපත්‍යය හිමි පලස්තීන රජයක් ස්ථාපිත කරන ලෙස චීන හා ප්‍රංශ දෙරටේ නායකයින් සියළු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී. 

මීට අමතරව, චීනය හා ප්‍රංශය ජෛව විවිධත්වය හා සාගරය පිළිබඳ සහයෝගතාව, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය හා ගෝලීය පාලනය, කෘෂි හුවමාරු හා සහයෝගතාව පිළිබඳ ඒකාබද්ධ නිවේදන තුන නිකුත් කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම