ඊශ්‍රායලයෙන් රෆා නගරයට මහා පරිමාණ ගුවන් ප්‍රහාරයක්
2024-05-07 17:00:32
Share with:

ඊශ්‍රායලය රෆා නගරයට මහා පරිමාණ ගුවන් ප්‍රහාරයක් එල්ල කරයි. සදුඳා (6) රාත්‍රී කාලයේ එම ප්‍රහාරය එල්ල කර ඇත. ගාසා තීරයේ සටන් විරාමයක් සම්බන්ධ ඊජිප්තු- කටාර් යෝජනා පිළිගන්නා බවට හමාස් සංවිධානය ප්‍රකාශ කර පැය කිහිපයකට පසු ඊශ්‍රායලය මෙම ප්‍රහාරය එල්ල කර ඇත. මේ අතර ඊශ්‍රායල අග්‍රාමාත්‍ය ‍කාර්යාලය ප්‍රකාශ කළේ එම යෝජනාව ඊශ්‍රායලයේ ප්‍රධාන ඉල්ලීම්වලින් බැහැර යෝජනාවක් බවයි. ඊශ්‍රායලයට පිළිගත හැකි එකඟතාවක් වෙනුවෙන් හැකි උපරිම උත්සාහයක් දැරීමට කයිරෝ වෙත නියෝජිත පිරිසක් යොමු කරන බවද ඊශ්‍රායලය සඳහන් කර ඇත.මේ අතර වක්‍ර සාකච්ඡාවක් පැවැත්වීමේ අරමුණෙන් කටාර් නියෝජිත පිරිසක්ද කයිරෝ වෙත පිටත්ව යාමට සූදානමින් සිටිති.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම