චීන කලා ප්‍රදර්ශනය පැරිසියේදී විවෘත වේ
2024-05-07 15:37:51
Share with:

 

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රංශයේ නිල සංචාරයක යෙදී සිටින අතර තුර "බෙයිජිං සිට පැරිස් දක්වා - චීන ප්‍රංශ කලාකරුවන්ගේ ඔලිම්පික් චාරිකාව" නමැති චීන කලා ප්‍රදර්ශනය පැරිසියේ Invalides ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී විවෘත කෙරේ. චීන මාධ්‍ය සමූහය, ප්‍රංශ ජාතික ඔලිම්පික් සහ ක්‍රීඩා කමිටුව, ප්‍රංශ වෘත්තීය පාපන්දු ලීගය සහ ප්‍රංශ කලා ආයතන කිහිපයක් එක්ව සංවිධානය කරන  ලද එම ප්‍රදර්ශනය ඊයේ(06) විවෘත කෙරිණ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානි, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා, ප්‍රංශ සංස්කෘතික අමාත්‍ය Rachida Dati මහත්මිය, ප්‍රංශ ජාතික ඔලිම්පික් හා ක්‍රීඩා කමිටුවේ සභාපති David Lappartient මහතා ඇතුළු පිරිසක් ප්‍රදර්ශනය විවෘත කිරීමට එක් වූහ.

පැරිස් ඔලිම්පික් උළෙල පිළිබඳ වැඩිම මහජන රූපවාහිනි සංඥා නිෂ්පාදන ව්‍යාපෘති සංඛ්‍යාවක් භාර ගන්නා මාධ්‍ය ආයතනය, සියලුම මාධ්‍ය හිමිකම් දරන විකාශන ව්‍යාපාරය හා පැරිස් ඔලිම්පික් සංවිධායක කමිටුවේ හවුල්කරු ලෙස චීන මාධ්‍ය සමූහය, එම උළෙලේ වාර්තාකරණය සඳහා 2,000කට වැඩි කාර්ය මණ්ඩලයක් යොදවනු ඇත.  "5G+4K/8K+AI" හි නවතම තාක්ෂණාංග ප්‍රයෝජනයට ගනිමින් දැවැන්ත තරගාවලි හතරක‍් පිළිබඳ ජාත්‍යන්තර පොදු සංඥා නිෂ්පාදනය කිරීමට ඔවුහු යොමු වනු ඇත. "සිතුවිලි + කලාව + තාක්ෂණය" යන නව්‍ය ඒකාබද්ධතාවය තුළින් චීනය සහ ප්‍රංශය යන ශ්‍රේෂ්ඨ ජාතීන් දෙක අතර මිත්‍රත්වයේ උරුමයට උපකාර කිරීමට ප්‍රංශ හවුල්කරුවන් සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව Shen Haixiong මහතා කියා සිටියේ ය. එමගින් මානව ශිෂ්ටාචාරයේ ප්‍රගතිය, ලෝක සාමය හා සංවර්ධනය සහ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීම සඳහා දායක වීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම