ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීමට චීනයේ සහාය
2024-05-07 17:41:39
Share with:

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරීමේ යෝජනාවක් අනුව ඊට ආධාර ලබාදීමට චීන රජය එකඟත්වය පළ කරයි. 

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළව ශක්‍යතා අධ්‍යයනයක් ද මේ වනවිට සිදුකර ඇත.යෝජිත ව්‍යාපෘතිය මඟින් පාසල් සඳහා සම්ප්‍රේෂණ සුහුරු පුවරු සහිත පන්ති කාමර, ප්‍රතිග්‍රාහක සුහුරු පුවරු සහිත පන්ති කාමර සහ එම කටයුතු මෙහෙයවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය තුළ ජාල මෙහෙයුම් ඒකකයක්, චිත්‍රාගාරයක්, සම්ප්‍රේෂණ කාමරයක් ලබා දීමට අපේක්ෂිතය. 

මිශ්‍ර ඉගෙනුම් ක්‍රමවේදය විධිමත්ව සිදුකිරීම, සම්පත් බෙදාගැනීම, විශේෂ කුසලතා ඇති ගුරුවරුන්ගේ දැනුම අවශ්‍ය අවස්ථාවන්හිදී සිසුන්ට ලබාදීම, ගුරුවරු හිඟ අවස්ථාවන්හිදී පහසුකම් සැලසීම යන කාර්යයන් ඵලදායීව හා කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා එම උපාංග මඟින් සහාය ලබාගැනීමට අවස්ථාව ඇත.

ඒ අනුව ශක්‍යතා අධ්‍යයන වාර්තාව මත පදනම්ව යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම