සර්බියාවේ Politico පුවත්පතේ චීන ජනපතිගේ ලිපියක් පළ කෙරේ
2024-05-07 15:08:10
Share with:

 “චීනය සහ සර්බියාව අතර සහයෝගීතාවයේ මාවත වානේ බඳු සවිමත් මිත්‍රත්වයේ ආලෝකයෙන් ප්‍රභාමත් වේවා” යන මැයෙන් යුතු චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ලිපිය සර්බියාවේ Politico පුවත්පතේ පළ කෙරේ. ඔහු සර්බියාවේ නිල සංචාරයක නිරත වීමට සූදානම් වීම නිමිත්තෙන් මෙම ලිපිය අද (7) ප්‍රකාශයට පත් කෙරිණ.

ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද චීනය සහ සර්බියාව සැමවිටම සැබෑ මිතුරන් සහ හොඳ හවුල්කරුවන් වන බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. දෙරටේ මිත්‍රත්වය වානේ බඳු සවිමත්ව සදාකාලික වන අතර රටවල් සහ ජනතාව අතර හුවමාරු සඳහා ආදර්ශයක් සපයා ඇත.

ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව ගැඹුරු වීම ඓතිහාසික ප්‍රවණතාවය හා ජනතාවගේ මූලික අවශ්‍යතාවලට අනුකූල වන අතර, එය දෙපාර්ශ්වයේ පොදු ප්‍රගතියටත් හිතකර වන බව චීනය සහ සර්බියාව අතර පවතින දිගුකාලීන මිත්‍රශීලී හුවමාරු සහ අන්‍යෝන්‍ය වාසී සහයෝගීතාවය තුළින් පිළිබිඹු වී ඇත. මෙම සංචාරය හරහා චීනය සහ සර්බියාව අතර මිත්‍රත්වය ඉදිරියට ගෙන යාමට සර්බියාව සමඟ එක්ව උත්සාහ කිරීමට තමා කැමැත්තෙන් සිටින බව ෂී ජින්පිං මහතා පැවසීය. දෙරටේ ජනතාවට වඩා හොඳ ප්‍රතිලාභ ලබා ගැනීමටත්, ලෝක සාමය සහ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමටත්, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීමටත් දෙරට එක්ව ප්‍රායෝගික ලෙස ක්‍රියා කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු කීය.

චීනය හා සර්බියාව සැමවිටම එකිනෙකාට අවංකව සලකන යහපත් කළණ මිතුරන් වේ. සහයෝගිතාව හා පොදු ජයග්‍රහණය දිනා ගන්නා හොඳ හවුල්කරුවන් වේ. දෙරට සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කිරීමේ හොඳ ආදර්ශයන් ලෙස ක්‍රියා කළ යුතුය. එමෙන්ම ජනතාවගේ හදවත් යා කරන හොඳ සමීපතමයින් විය යුතු බව ෂී ජින් පිං මහතා වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම