චීන ජනපති ආර්යාව ප්‍රංශ ජනපති ආර්යාවගේ ඇරයුමින් ඕර්සේ කෞතුකාගාරය නැරඹීමට එක් වෙයි
2024-05-07 09:34:05
Share with:

ප්‍රංශ ජනාධිපති ආර්යා බ්‍රිජට් මැක්‍රොන් මහත්මියගේ ආරාධනයෙන් චීන ජනාධිපති ආර්යා පෙං ලියුවාන් මහත්මිය ඊයේ(6) පැරිසියේ ඕර්සේ කෞතුකාගාරය නැරඹීමට එක් වූවාය.

"1874 සොයාගත් පැරිසියේ හැඟීම්වාදය" ප්‍රදර්ශනය සහ කෞතුකාගාරයේ විශිෂ්ටතම තෙල් සිතුවම් නැරඹීමට ඔවුහු එක් වූහ.

චීන ජනපති ආර්යා පෙං ලියුවාන් මහත්මිය මෙහිදී ප්‍රකාශ කළේ ප්‍රංශ ජනතාව මෙන්ම චීන ජනතාව ද චිත්‍ර ඇඳීමට බෙහෙවින් ප්‍රිය කරන බැවින්, දෙපාර්ශ්වයට එකිනෙකාගේ සංස්කෘතීන්හි චමත්කාරය අන්‍යෝන්‍ය වශයෙන් ගැඹුරින් අවබෝධ කර ගනිමින් තව දුරටත් අදහස් හුවමාරු කර ගැනීමට පහසු වනු ඇති බවයි.

දෙරටේ කලාකරුවන් හුවමාරු කර ගැනීමට, අන්‍යෝන්‍ය ඉගෙනීම ශක්තිමත් කිරීමට මෙන්ම ඉතාමත් විශිෂ්ට කලා කෘති නිර්මාණය කිරීමට එකිනෙකාව පොළඹවනු ඇතැයි ද පෙං ලියුවාන් මහත්මිය බලාපොරොත්තු පළ කළාය.

කෞතුකාගාර ශාලාවේදී රාජ්‍ය නායකයන් දෙදෙනාගේ භාර්යාවෝ එහි පැමිණ අධ්‍යාපනය ලබන ප්‍රංශ සිසුන් සමඟ සුහදව අදහස් හුවමාරු කර ගත්හ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම