චීන යුරෝපා ශක්තිමත් සබඳතාව ගෝලීය කර්මාන්තදාමයේ පුනරුදයට ගාමක බලයක්
2024-05-07 10:51:50
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ගේ මෙවර යුරෝපා සංචාරය රාජ්‍යතාන්ත්‍රික සබඳතා නව මානයකට ගෙන යනු ඇතැයි අපේක්ෂා පළ කෙරේ. චීන ප්‍රංශ සබඳතාව පමණක් නොව චීන යුරෝපා සබඳතාව ද වත්මන් ගෝලීය ගැටළු නිරාකරණයට කදිම අවස්ථාවක් බව පෙනෙන්නට ඇත. ඉහළ මට්ටමේ විවෘතභාවය පුළුල් කරමින් සම්බන්ධීකරණයෙන් හා සහයෝගතාවයෙන් ලෝක සාමය ආරක්ෂා කර ගැනීමේ ප්‍රබල අරමුණක අවශ්‍යතාව චීන ජනාධිපතිවරයා ප්‍රකාශ ක‍ර තිබේ. එම නිසා මේ දිනවල පැවැත්වෙන චීන යුරෝපා සබඳතාව ගෝලීය සාමයට නව බලාපොරොත්තුවක් එක් කරනු ඇති බව කථිකාචාර්ය එම්. සකීෆ් සාම් මහතා පැවසීය.

“චීන-යුරෝපා සංගමයේ පාරිසරික සහ දේශගුණික සහයෝගිතාවය” බුද්ධි මණ්ඩල වාර්තාව පසුගිය දා නිකුත් කෙරිණ. එම වාර්තාවට අනුව පාරිසරික අභියෝග හමුවේ විශාලතම සංවර්ධනය වෙමින් පවතින රට සහ සංවර්ධිත රටවල විශාලතම සංගමය ලෙස චීනය සහ යුරෝපා සංගමය, පාරිසරික වගකීම් භාර ගෙන පාරිසරික සහ දේශගුණික සහයෝගිතාව ඇතුළු නව වැඩපිළිවෙළ රැසක් දියත් කරනු ඇතැයි අපේක්ෂා පළ කළ හැකිය.

චීන ජනාධිපතිවරයාගේ යුරෝපා සංචාරයේ පළමු ගමනාන්තය වූ ප්‍රංශය සමග චීනයේ මිතුදම වසර 60ක අතීතයට දිව යයි.  එම කාලය තුළ දෙරටේ සාමුහික කර්මාන්තදාමයේ ප්‍රගමනය සහ අපේක්ෂිත නව ඉලක්කයන් ලෝක වෙළඳපොල වඩාත් ශක්තිමත් කර ඇත. ගෙවුණු එම දශක හය තුළ දෙරටේ සබඳතාව, විවිධ සමාජ ක්‍රමයන් සහිත රටවල් අතර පවතින සාමකාමී සහජීවනය සහ ජයග්‍රාහී සහයෝගීතාව පිළිබඳ මනා ආදර්ශයක් ජාත්‍යන්තර ප්‍රජාවට සපයා දී තිබේ. ගුවන් සේවා, න්‍යෂ්ටික බලශක්තිය, කෘෂිකර්මාන්තය, ආහාර, හරිත සහ අනෙකුත් ක්ෂේත්‍රවල සහයෝගීතාවයේ නව ප්‍රතිඵල දෙරට සාක්ෂාත් කර ගැනීමට අඛණ්ඩව සමත් වී ඇත. චීන-යුරෝපා වෙළඳපොල එකිනෙකා කෙරෙහි විවෘත වීම මෙන්ම කෘෂිකර්මාන්තය, ගුවන් සේවා, අභ්‍යවකාශ, සිවිල් න්‍යෂ්ටික බලශක්ති යන සහයෝගතා ගැඹුරු කිරීමට ගෙන ඇති එකඟත්වය පිළිබඳ නව අපේක්ෂා ජනිත වේ. වර්තමාන ලෝකය ගැටුම් පසෙකලා නව සංවර්ධන අවස්ථා වෙත අත්වැල් බැඳ ගමන් කිරීමේ අවශ්‍යතාව පවතී. ආසියානු පෙර ගමන්කරුවන් වන චීනය, යුරෝපයේ ප්‍රංශයේ ඇතුළු රටවල් සමග ඇති වන සබඳතාව නව ජයග්‍රාහී මාවතක් විවර කරනු ඇති බව ද කථිකාචාර්ය එම්. සකීෆ් සාම් මහතා පැවසීය. 

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම