චීන ජනපති සහ ආර්යාව වෙනුවෙන් ප්‍රංශ ජනපතිගෙන් විශේෂ භෝජන සංග්‍රහයක්
2024-05-07 08:58:45
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ජනාධිපති ආර්යා පෙං ලියුවාන් මහත්මිය, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මහතා සහ බ්‍රිජට් මැක්‍රොන් ආර්යාව විසින් පවත්වන ලද පිළිගැනීමේ භෝජන සංග්‍රහයට එක් වෙති. එය ඊයේ (6) රාත්‍රියේ පැරිස් නුවර දී පැවැත්විණ.

නැගෙනහිර හා බටහිර ශිෂ්ටාචාර නියෝජනය කරන චීනය හා ප්‍රංශය එකිනෙකා අගය කරන මෙන්ම එකට බැඳුණු මිතුරන් බව ෂී ජින්පිං මහතා එහිදී පැවසීය.  මෙම වසර, චීන -ප්‍රංශ සංස්කෘතික හා සංචාරක වසර යි. මෙය නිමිති කර ගනිමින් එකිනෙකාගේ සංස්කෘතීන් හි අන්තර්ගත ප්‍රඥාව හා වටිනාකම් හුවමාරු කර ගත හැකි වනු ඇතැයි ෂී ජින්පිං මහතා විශ්වාසය පළ කළේය.

චීන - ප්‍රංශ සහයෝගිතා ඔස්සේ ලෝකයට සුබසෙත තිළිණ කළ හැකි බව ඉතිහාසය විසින් අවස්ථා ගණනක දී සනාථ කරනු ලැබ තිබේ. ඒ ඉතිහාසයත්, වර්තමානයත් පදනම් කර ගනිමින් අනාගතයට ගැලපෙන චීන-ප්‍රංශ සබඳතාව විචිත්‍රවත් වසන්ත ඍතුව මෙන් වැළඳ ගත හැකි වනු ඇතැයි ද චීන ජනාධිපතිවරයා එහිදී කියාසිටියේය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම