කම්කරු දින නිවාඩු කාලයේ තවදුරටත් උණුසුම් වූ චීන ආර්ථිකය
2024-05-07 16:56:05
Share with:

පසුගිය කම්කරු දින නිවාඩු කාලය තුළ රට තුළ සංචාරය කළ චීන සංචාරකයින්ගේ වාර ගණන ‍කෝටි 29.5ක් වන අතර එය වසරින් වසර සියයට 7.6ක වැඩිවීමකි. සංචාරකයින්ගේ සමස්ත වියදම යුවාන් බිලියන 166.9ක් බවත් එය පසුගිය වසරේ එම කාලයට වඩා සියයට 12.7කින් වැඩි වූ බවත් චීන රාජ්‍ය මාර්ගය නිකුත් කළ සංඛ්‍යාලේඛනවල දැක්වේ.

මේ අතර ගුවන් මාර්ග යළි ආරම්භ කිරීම, ආගමන හා නිගමන පහසුකරණය කිරීම, චීනය සමග අන්‍යෝන්‍ය වීසා නිදහස් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන රටවල සංඛ්‍යාව වැඩිවීමත් සමගම, චීනයේ ආගමන හා විගමන සංචාරක කර්මාන්තය කඩිනම් ව පුනරුත්ථාපනය වී තිබේ. සංඛ්‍යාලේඛනයකට අනුව කම්කරු නිවාඩු කාලය තුළ චීන සංචාරකයින්ගේ පා සටහන ලොව පුරා නගර 1000ක විහිදා ඇත. කියුබාව චීන ජාතිකයින් කෙරේ වීසා නිදහස් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙන් පසුව චීනයේ විද්‍යුත් සංචාරක සේවා වේදිකාවලින් කියුබාවේ හෝටල්, ගුවන් ටිකට් පිළිබඳ සෙවීම්වල දිනෙන් දින වර්ධනය සියයට 40කට වඩා ඉහළ ගොස් තිබේ.

මේ අතර මෙම වසරේ චීනය පරිභෝජනය දිරිගන්වන පියවර මාලාවක් එලිදක්වා ඇත. වසර 2024 ‘පරිභෝජන ප්‍රවර්ධන වසර’ ලෙස චීන වාණිජ අමාත්‍යංශය විසින් නියම කර ඇත. චීන ජනතාවගේ විවිධත්ව හා ඉහල ගුණාත්මක පරිභෝජන අවශ්‍යතාව සපුරාලීම මෙන්ම චීන පරිභෝජන වෙළඳපොලේ ප්‍රාණවත්භාවය උත්තේජනය කිරීමත් ඉන් අපේක්ෂා කෙරේ. 

 ‘අයිස් හිම ක්‍රීඩා විනෝද කර්මාන්තය’, ‘සාම්ප්‍රදායික අලුත් අවුරුදු පරිභෝජන සමය’, ‘වසන්ත මල් සමය නැරඹීමේ සංචාරක සැකසීම’, ‘නිවාඩු කාලීන ආර්ථිකය’ වැනි පරිභෝජන මෙහෙයුම් තුළින් චීන පරිභෝජන වෙළඳපොලේ ශක්තිමත් ගාමක බලය පිළිබිඹු වී තිබේ. නවතම සංඛ්‍යාලේඛනයට අනුව පළමු කාර්තුවේ පරිභෝජනය චීන ආර්ථික වර්ධනයට සිදු කළ දායකත්වය සියයට 73.7ක් විය. ඉදිරියේදී ඩිජිටල් පරිභෝජනය, හරිත පරිභෝජනය, සෞඛ්‍යය සඳහා වන පරිභෝජනය වැනි නවාකාර පරිභෝජනයේ වර්ධනයක් ද අපේක්ෂා කෙරේ. ලෝක ආර්ථික වර්ධනයට එය නව බලයක් එකතු කිරීමටත් බලාපොරොත්තු වේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම