විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර
2024-05-06 16:27:44
Share with:

අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කර පසුව එය අවුරුදු 60 දක්වා අඩු කිරීම හේතුවෙන් එම කාලය තුළ අවුරුදු 60න් පසු විශ්‍රාම ගිය නිලධාරීන් සඳහා මෙම තීරුබදු සහනය ලබාදීමට නියමිතය.

වයස අවුරුදු 60 සම්පුර්ණ වීමෙන් පසුව විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය කරයි.

මාර්තු 11 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන තිබේ.

ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා විසින් නිකුත් කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම