135 වැනි කැන්ටන් ප්‍රදර්ශනය ඓතිහාසික වාර්තා සමග අවසන් වෙයි
2024-05-06 09:17:32
Share with:

135 වැනි චීන ආනයන හා අපනයන ප්‍රදර්ශනය හෙවත් කැන්ටන් ප්‍රදර්ශනය නිමාවට පත් වේ.

 අප්‍රේල් 15වනදා ආරම්භ වී ඊයේ(5) අවසන් වූ ප්‍රදර්ශනයට රටවල් හා ප්‍රදේශ 215ක විදේශ ගැනුම් ව්‍යාපාරිකයින් දෙලක්ෂ හතලිස් හය දහසක් එක්වූහ. එම සංඛ්‍යාව පසුගිය ප්‍රදර්ශනයේ සංඛ්‍යාවට වඩා සියයට 24.5කින් වැඩි වූ අතර එය නව ඓතිහාසික වාර්තාවක් ද වේ.

සංඛ්‍යාලේඛනයට අනුව මෙවර කැන්ටන් ප්‍රදර්ශනය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ සංවර්ධනයට එක්වන රටවල ගැනුම් ව්‍යාපාරිකයින් එක්ලක්ෂ හැට දහසක් පිළි ගත් අතර එය පසුගිය ප්‍රදර්ශනයට වඩා සියයට 25.1ක වැඩිවීමකි. යුරෝපයේ හා ඇමරිකාවේ ගැනුම් ව්‍යාපාරිකයින්ගේ සංඛ්‍යාව පනස් දහසක් විය. එය සියයට 10.7ක වර්ධනයකි. චීන ඇමරිකා වාණිජ මණ්ඩලය ඇතුළු කාර්මික හා වාණිජ ආයතන 119ක් මෙන්ම ඇමරිකාවේ Walmart, ප්‍රංශයේ Auchan ඇතුළු දැවැන්ත අන්තර් ජාතික ව්‍යාපාර 226ක් ඊට එක්වීම ද විශේෂත්වයකි.

136 වැනි කැන්ටන් ප්‍රදර්ශනය මෙම වසරේ ඔක්තෝබර් මාසයේ 15වනදා සිට නොවැම්බර් 4වනදා දක්වා අදියර තුනකින් පැවැත්වීමට නියමිතව තිබේ.

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම