Ren’ai ගල්පර‍ය සම්බන්ධයෙන් එකඟතාවන්ට එළඹ නැතැයි පිලිපීනය සිදුකරන ප්‍රකාශ චීනය ප්‍රතික්ෂේප කරයි
2024-05-06 19:01:48
Share with:

පිලිපීන ජාතික ආරක්ෂක උපදේශක, ආරක්ෂක ඇමති සහ විදේශ අමාත්‍යංශය මෑතකදී වෙන් වෙන් ව ප්‍රකාශ කරමින්, චීනය සමග Ren’ai ගල්පර‍ය සම්බන්ධයෙන් "නව මාදිලිය" ඇතුළු කිසිදු එකඟතාවකට පැමිණ නැති බව ප්‍රකාශ කළේය.

මේ පිළිබඳ චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා පෙනවා දුන්නේ, පිලිපීන පාර්ශ්වය කරුණු වලට ගරු කළ යුතු අතර පොරොන්දු අනුගමනය කළ යුතු බවයි. චීනය සමඟ සංවාද සහ සාකච්ඡා මගින් ගැටලු විසඳීමේ නිවැරදි මාර්ගයට පිලිපීනය නැවත පැමිණිය යුතු බව ද ඔහු පැවසීය.

"මහත්වරුන්ගේ ගිවිසුම" හෝ අභ්‍යන්තර අවබෝධය හෝ "නව මාදිලිය" ඇතුළු සියල්ල තුළින් චීනයේ උත්සාහයන් සහ අවංකභාවය පිළිබිඹු කෙරේ. වත්මන් පිලිපීන රජය 2022 ජුනි මාසයේ බලයට පත්වීමේ සිට 2023 පෙබරවාරි මස මුල දක්වා, චීනයේ සහ පිලිපීනයේ අදාළ අංශ හා ආයතන "මහත්වරුන්ගේ ගිවිසුම" යටතේ ක්‍රියා කර ඇත. පසුගිය වසරේ, Ren’ai ගල්පරයේ තත්ත්වය සහ එහි පාලනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා, චීනයේ ආරාධනාව මත පිලිපීන ජනාධිපතිවරයාගේ චීන කටයුතු පිළිබඳ විශේෂ නියෝජිතයෙකු චීනයට පැමිණියේය. එහිදී දෙපාර්ශ්වය අභ්‍යන්තර අවබෝධතාවකට ද එළඹුණහ. මෙම වසර මුල දී, චීනය රාජ්‍යතාන්ත්‍රික ක්‍රමයෙන් පිලිපීනය සමග යළි යළිත් සාකච්ඡා සිදු කළ අතර, Ren’ai ගල්පරයට ‘සැපයුම්’ ලබා දීමේ නව ක්‍රමයක් පිළිබඳව ද එහිදී දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණ තිබේ. එහෙත් අදාළ අවබෝධය හා විධිවිධාන එක් වතාවක් ක්‍රියාත්මක කිරීමෙන් පසු, පිලිපීනය විසින් එය ඒකපාර්ශ්විකව හේතු රහිත ව අතහැර දමා තිබේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම