
චීන මාධ්‍ය සමූහය විසින් නිෂ්පාදනය කරන ලද “ෂී ජින්පිං මහතා ප්‍රිය කරන සම්භාව්‍ය උද්ධෘත” නමැති වැඩසටහනේ ජාත්‍යන්තර අනුවාදය එළිදැක්වීමේ උත්සවය අද(6) පැරිස් නගරයේ දී පැවැත්විණ.
එම වැඩසටහන ප්‍රංශයේ DailyMotion, Entreprendre මාධ්‍ය සමූහය ඇතුළු වේදිකාවල විකාශය කෙරෙනු ඇත. එම වැඩසටහන හා පූර්ව ප්‍රචාරක පටය Euronews, ප්‍රංශ BFM රූපවාහිනි සේවය ඇතුළු යුරෝපයේ හා ලෝකයේ මාධ්‍ය 100ක් පමණ ඔස්සේ ක්‍රමයෙන් විකාශය කිරීමට ද කටයුතු යොදා තිබේ.

“ෂී ජින්පිං මහතා ප්‍රිය කරන සම්භාව්‍ය උද්ධෘත” වැඩසටහනේ ජාත්‍යන්තර අනුවාදය, එතුමාගේ වැදගත් දේශන, ලිපි, සංවාද තුළින් උපුටා දක්වා ඇති චීනයේ සම්භාව්‍ය උද්ධෘත පාඨ සංග්‍රහයකින් සමන්විතය. එම වැඩසටහන තුළ හරිත සංවර්ධනය, ජෛව ශිෂ්ටාචාරය, නීතිමය පාලනය, සංස්කෘතික උරුම සංරක්ෂණය ඇතුළු තේමාවලින් ෂී ජින්පිං මහතාගේ දේශපාලන ප්‍රඥාව හා චීන ලක්ෂණවලින් යුතු නවීකරණයේ සංස්කෘතික මූලාශ්‍රය පෙන්නුම් කෙරේ.
චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා, ප්‍රංශ හිටපු පරිසර ඇමති, එක්සත් ජාතීන්ගේ හිටපු උප මහලේකම් Brice Lalonde මහතා එහිදී දේශන සිදු කරමින් Euronews සභාපතිවරයා සමග ඒකාබද්ධව එම වැඩසටහන එළිදක්වා තිබේ.