චීන-ප්‍රංශ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කිරීමේ 60වන සංවත්සරය සැමරීම වෙනුවෙන් චීන මාධ්‍ය සමූහයෙන් සංස්කෘතික හුවමාරු ක්‍රියාකාරකමක්
2024-05-06 21:11:59
Share with:

චීන-ප්‍රංශ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කිරීමේ 60වන සංවත්සරය සැමරීම වෙනුවෙන් චීන මාධ්‍ය සමූහය සංස්කෘතික හුවමාරු ක්‍රියාකාරකමක් සංවිධානය කරයි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රංශ සංචාරයට සමගාමීව එම ක්‍රියාකාරකම අද (6) පැරිස් නුවරදී පැවැත්විණ. චීන-ප්‍රංශ සම-නිෂ්පාදනයෙන් යුත් චිත්‍රපට හා රූපවාහිනි වැඩසටහන් සහ බහුමාධ්‍ය වැඩසටහන් රැසක් එහිදී නිකුත් කෙරිණ. චීන මාධ්‍ය  සමූහය යුරෝපයේ ප්‍රධාන මාධ්‍ය ආයතනයක් වන Euronews රූපවාහිනි ‍සේවය සමග එහිදී සහයෝගිතා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.

 ප්‍රංශයේ හිටපු අග්‍රාමාත්‍යවරුන් වන Laurent Fabius හා Jean-Pierre Raffarin , ප්‍රංශයේ හිටපු පරිසර අමාත්‍ය එක්සත් ජාතීන්ගේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් Brice Lalonde සහ චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් ‍ශෙන් හයි ශියොං යන මහත්වරු එම අවස්ථාව ඇමතූහ.

චීනය හා ප්‍රංශය රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ කර ගත වූ දශක 6 තුළ විවිධ ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා තව තවත් ශක්තිමත් වී තිබේ.චීන-ප්‍රංශ සම්බන්ධතා වර්ධනය කිරීමේදී මාධ්‍ය ආයතන පාලමක් සේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇතැයි ශෙන් හයි ශියොං මහතා එහිදිි කියා සිටියේ ය. මේ වසරේ චීන මාධ්‍ය සමූහය ප්‍රංශ පාර්ශ්වය සමග එක්ව උසස් තත්ත්වයේ වැඩසටහන් රැසක් නිෂ්පාදනය කළ අතර චීන කලා ප්‍රවර්ධන සැලැස්ම ඇතුළු බහුමාධ්‍ය වැඩසටහන් ද නිකුත් කර තිබේ. චීන-ප්‍රංශ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයේ 60වැනි සංවත්සරය නිමිති කරගෙන දෙරටේ මිත්‍රත්වය හා අන්‍යෝන්‍ය අවබෝධය තවදුරටත් පුළුල් කිරීමට බලාපොරොත්තු වන බව ද චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.ප්‍රංශ-චීන මාධ්‍ය සහයෝගිතා සහ දෙරටේ ජනතාවගේ මිත්‍රත්වය තහවුරු කිරීම වෙනුවෙන් චීන මාධ්‍ය සමූහය ඉටු කර ඇති මෙහෙවර එම අවස්ථාවට එක්වූ ප්‍රංශ ආරාධ්තයෝ අගය කළහ.

 

 

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම