‘චීන මාලිදියේ නවීකරණය අවබෝධ කරගැනීම - චීන-ප්‍රංශ යෞවන සංවාදය’ පැරිස් නුවර දී
2024-05-06 09:34:52
Share with:

‘චීන මාලිදියේ නවීකරණය අවබෝධ කරගැනීම - චීන-ප්‍රංශ යෞවන සංවාදය’ ප්‍රංශයේ පැරිස් නුවර දී පැවැත්වෙයි. චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ නිල සංචාරයට සමගාමීව එම සංවාදය ඊයේ (05) සාර්ථක ව පැවැත්විණ.

එය, චීන මාධ්‍ය සමූහය, පැරීසියේ දේශපාලන විද්‍යා අධ්‍යයන ආයතන ආදිශිෂ්‍ය සංගමය, එක්සත් ජාතීන්ගේ අන්තර් විශ්වවිද්‍යාලයීය පැරිස් කමිටුව සහ චීනයේ Jinan විශ්වවිද්‍යාලය විසින් ඒකාබද්ධ ව සංවිධාන කරනු ලැබීය. ‘චීන මාදිලියේ නවීකරණය පිළිබඳ චීන-ප්‍රංශ යෞවන පර්යේෂණ වාර්තාව’ එහිදී එළිදැක්විණ.

චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා එම සංසදය අමතමින් පැවසුවේ, චීනය හා ප්‍රංශය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව පිහිටුවා ගතවූ වසර දශක 6 තුළ, දෙරට සහයෝගිතා සාරවත් ප්‍රගතීන් අත්පත් කර ඇති බවයි. මෙම වසරේ චීන මාධ්‍ය සමූහය නියෝජනය කරන ප්‍රංශ යොවුන් සංස්කෘතික දූත පිරිස ද ‘චීන මාදිලියේ නවීකරණය’ පිළිබඳ පර්යේෂණ ක්‍රියාකාරකම්වලට එක්වෙමින් එහි අන්තර්ගතයන් මනා ව අවබෝධ කර ගත් බව ද හෙතෙම පැවසීය.

එහිදී පැවති වට මේස සංවාදයට එක්වූ දෙරට තරුණ විද්වතුන් මෙන්ම සංස්කෘතික දූත පිරිස තරුණයන්ගේ දෘෂ්ටියෙන් චීන මාදිලියේ නවීකරණය පිළිබඳව සාකච්ඡා කළහ. එම නවීකරණ මාදිලිය චීනයට පමණක් නොව, සමස්ත ලෝකයට ම පුළුල් අවස්ථා හිමි කර දී ඇතැයි ද ඔවුහු කියාසිටියහ.



ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම