ගාසා තීරයේ සටන් විරාම යෝජනාව කෙරෙහි හමාස් සංවිධානයෙන් ප්‍රතිචාර
2024-05-06 11:24:11
Share with:

සම්බන්ධීකරණ පාර්ශ්වයන්ගේ සටන් විරාම යෝජනාව කෙරෙහි හමාස් සංවිධානය ප්‍රතිචාර දක්වයි. 

පලස්තීන ඉස්ලාම් විරෝධී සංවිධානය හෙවත් හමාස් සංවිධානය ඊයේ (5) නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළේය. හමාස් නියෝජිත පිරිස ඊජිප්තුවේ පැවති, ගාසා තීරයේ සටන් විරාමය පිළිබඳ නව සාකච්ඡා වටය අවසන් කර ඇත. ඊජිප්තුව හා කටාර් රාජ්‍යය යන සම්බන්ධීකරණ පාර්ශ්ව ඉදිරිපත් කළ යෝජනා කෙරෙහි ප්‍රතිචාර දැක්වූ බව ද එම නිවේදනයේ දැක්වේ. 

එහෙත් එම ප්‍රතිචාර කෙබඳු ද යන්න පිළිබඳ නිශ්චිත කරුණු එහි සඳහන් කර නොමැත. එහෙත් “ සක්‍රිය හා වගකිවයුතු ” ආකල්පයකින් අදාළ යෝජනාව සලකා බලන බව හමාස් සංවිධානය පවසයි.  

හමාස් නියෝජිත පිරිස ඊයේ (5) රාත්‍රියේ ඊජිප්තුවෙන් පිටත්ව කටාර් වෙත පැමිණ එහි නායකයන් සමඟ තවදුරටත් සාකච්ඡා පවත්වන බව ද පලස්තීන ආරංචි මාර්ග සඳහන් කළේය. ගාසා තීරයේ සටන් විරාම සාකච්ඡා අඛණ්ඩව පැවැත්වෙන අතර ඒවා “අසාර්ථක නොවනු ඇතැ”යි ද පැවසේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම